පානදුරේ නිවසක් තුළ තිබී යුවළකගේ මළ සිරුරු හමුවෙයි

පානදුරේ නිවසක් තුළ තිබී යුවළකගේ මළ සිරුරු හමුවෙයි

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථ පාරේ නිවසකක් තුළ තිබී පිරිමි පුද්ගලයකුගේ සහ කාන්තාවකගේ මළසිරුරු හමුව තිබේ.

කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත් පිරිමි පුද්ගලයාගේ මළසිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබීයදී සොයාගත් බවත් පානදුර පොලීසිය පවසයි.

දෙදෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන යුවළක් බවට තොරතුරු ලැබී තිබේ.

පොලීසිය සැකකරන්නේ, පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙල වැලලාගන්නට ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 42 හැවිරිදි කාන්තාවකි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන අංශයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )