Gflock සභාපති රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹ දිස්ත්‍රික්කයට

Gflock සභාපති රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹ දිස්ත්‍රික්කයට

ශ්‍රී ලාංකික ප්‍රමුඛ නිමි ඇදුම් සන්නාමයක් වන Gflock හි සභාපති රනිල් විල්අද්දරගේ මහතා ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් කර තිබේ.

රනිල් විල්ලද්දරගේ මහතා Gflock සන්නාමය යටතේ සමාජ සුබසාධනය ප්‍රමුඛ කොටගත් ව්‍යාපාරික මොඩලයක් හඳුන්වා දුන් ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකි.

ගෑස් සිලින්ඩරය යටතේ කොළඹ දිස්ත්‍රික් නායක ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කටයුතු කරනු ලැබේ.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ රනිල් විල්ලද්දරගේ මහතා කැස්බෑව කලාප සංවිධායකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )