අයිස් ඡාවාරම්කාරියක් හලාවතදී කොටුවෙයි

අයිස් ඡාවාරම්කාරියක් හලාවතදී කොටුවෙයි

හලාවත සිට ප්‍රදේශ රැසකට ඊෂී කැෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනිමින් අයිස් ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරමේ වු සැකකාරීයක් මුන්දලම පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් විසින් මාස දෙකකට ආසන්න කාලයක සිට රැකවල්ලා සිට අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම අගුණවිල ප්‍රදේශයෙ පදිංචි 35 හැවිරිදි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවු ‘වයඹ කුමාරි‘ නමින් හැදින්වෙන කාන්තාවක් බව පොලිසිය කියයි.

මෙම සැකකාරීය ඊෂී කෑෂ් ක්‍රමයට හා ජංගම දුරකථන මගින් ලබා දෙන ඇනවුම් අදාල ස්ථානයටම ලබා දීම දිර්ඝ කාලයක සිට කරගෙන ගොස් ඇති බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකාරීය සතුව තිබු රුපියල් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විවිධ බැංකු වලට අයත් ඒටීඑම් කාඩ් පත් හා ජංගම දුරකථන,සහ රුපියල් දස දහසකට ආසන්න මුදලක් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )