වතු සේවක වැටුප ගැන සොයාබලන බවට ජනපතිගෙන් පොරොන්දුවක්

වතු සේවක වැටුප ගැන සොයාබලන බවට ජනපතිගෙන් පොරොන්දුවක්

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිතිවල අදහස් සොයා බලන බවද ජනපතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී හමුවූ ජනතාව සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.

“මම අහන්න යනවා යුනියන්ස් වලින් මොකක්ද කරන්නේ කියලා. මම හිතන්නේ දැනට පොරොන්දු වෙලා තියෙන දේ ගන්න එක හොඳයි. පස්සේ ඉඩම් ගැන…අක්කර 2-3 ඔයගොල්ලන්ට දෙන එකයි තියෙන්නේ. යුනියන්ස් වලින් ඉල්ලුවා 1500ක්. මම හිතන්නේ එකෙන් 1000ක් දෙන්න ඒගොල්ලෝ ලෑස්තියි. අනිත් එක ඉන්සේන්ටිව් එකට ගන්න පුළුවන්. මම අහන්නම් මොකද වුණේ කියලා.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )