ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )