කුචියෝ ජෙනවීව් නිය අලංකරණ ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි

කුචියෝ ජෙනවීව් නිය අලංකරණ ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි

ජෙනවීව් ජ්‍යාත්‍යන්තර ඇකඩමිය හා ශ්‍රී ලාංකීය නිය අලංකරණ කර්මාන්තයේ පුරෝගාමීන් වන සිමාසහිත නේල්ස්පා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කළ කුචියෝ ජී.අයි.ඒ ඩිප්ලේමා පාඨමාලාවේ සාඩම්බර උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

නිය තාක්ෂණ ඩිප්ලෝමාධාරීන් 50 දෙනකුට අධික පිරිසකට සහතික පිරිණමන ලද මේ අලංකාරවත් උත්සවයට ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර කුෂියෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ නියෝජිතයන්ද සහභාගි වීම විශේෂත්වයකි.

ඉහළ ආදායමක් ලැබිය හැකි නිය අලංකරණ හා නිය සත්කාර ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ වෘත්තිකයකු වීමට අවශ්‍ය පුහුණුව හා තාක්ෂණික දැනුම ජෙනවිව් ජාත්‍යන්තර ඇකඩමියෙන් සපයනු ලැබේ. ඊට අමතරව නේල්ස්පා ආයතන ඔස්සේ අදාළ සිසුන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණවද සපයනු ලැබේ.

මේ වන විට ජෙනවීව් ඇකඩමිය මගින් නිය අංලකරණ ක්සේත්‍රයට විද්වත් වෘත්තිකයක් සිය ගණනක් එකතු කර ඇත.නිය අංලකරණයට කැපවුනු සැලෝන් 500කට අධික සංඛ්‍යාවක් මේ වනවිට දිවයින පුරා බිහි කරන්නට නේල්ස්පා මෙහෙවර දායකවී ඇත.

මෙය හුදෙක් නිය තාක්ෂණය පිළිබඳ ඉගැනුම අවසන් කිරීමක් නොව මෙතෙක් උගත් කරුනු සම්බන්ධයෙන් සිදු කැරෙන අගැයීමක්, බව සඳහන් කල නේල්ස්පා සමාරම්භක කළමනාකාර අධ්‍යක්ෂිකා නිලන්ති ජෙනවීව් වීරසිංහ මහත්මිය මේ වනවිට නිය අංලකරණ කර්මාන්තය ලෝකයේ සෑම රටකම පාහේ ඉහළ ආදායම් ලැබිය හැකි කර්මාන්තයක් බව පැවැසීය.

දශක දෙකකට ඉහතදී නිලන්ති ජෙනවීව් වීරසිංහ මහත්මිය විසින් ආරම්භ කරන ලද නේල්ස්පා සමාගම මෙරට නිය අංකරන ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට භාජනය කළේය.නවීන පහසුකම් යටතේ නිය අලංකරණ කටයුතු ඉටු කර ගැනීමට මෙන්ම ජාත්‍යන්ත කීර්තියට පත් සන්නාමවල නිය අලංකරණ උපකරණ හා ද්‍රව්‍ය මිලදී ගන්නටද මෙහිදී අවකාශ ඇත.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )