ලිට්‍රෝ ගෑස් මිල කලින් වැඩිවෙයි

ලිට්‍රෝ ගෑස් මිල කලින් වැඩිවෙයි

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කරනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (31) පස්වරුවේ පැවසීය.

වැට් බද්ද හෙට සිට ක්‍රියාත්මක වන බැවින් එම මිල සූත්‍රය අසමතුළිත වීම නිසා එම තීරණය ගැනීමට සිදුවන බව කී එම නිලධාරියා හෙට පෙරවරුවේ නව මිල ගණන් නිවේදනය කරනු ඇති බව ද සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද උත්සව සමය හේතුවෙන් ගෑස් මිල මෙම මස ඉහළ නොදැමූ බවත් ඒ හේතුවෙන් සමාගමේ පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )