කතරගම ප්‍රධාන කපුරාලට ඇප

කතරගම ප්‍රධාන කපුරාලට ඇප

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද නියෝග කළේය.

කොළඹ අපරාද දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු පසුව තිස්සාමහරාම අධිකරණයට ඉදිරිපත් කළේය.

ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා මීට පෙර ඇප මුදා හරිනු ලැබ සිටියි.

රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව අධිකරණයේ දි කියැවිණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )