සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් TAGS 2023 සම්මාන උළලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් TAGS 2023 සම්මාන උළලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වෙනි වරටත් සංවිධානය කරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී දළ වාරික අදායම රු. බිලියන 10 දක්වා වූ රක්ෂණ සමාගම් අංශයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසරභාවය සඳහා කැපී පෙනෙන කාර්ය සාධනය සහ කැපවීම් ඇගයීම මෙම සම්මානය සඳහා පාදක කරගෙන ඇත.

පසුගිය දින කොළඹ ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවැත්වූ මෙම අති උත්කර්ෂවත් සැන්දෑව සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි දැවැන්ත ආයතන රැසක් සහභාගි වූ අතර එම ආයතනයන්හි වාර්ෂික වාර්තා වෙනුවෙන් මෙම සම්මාන උළෙල පවත්වනු ලැබීය. ඒ අතරින් රක්ෂණ සමාගම් අංශයේ වාර්ෂික වාර්තා වෙනුවෙන් පසුගිය වසරෙදිත් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මෙම අංශයෙන් රිදී සම්මානය ලබාගැනීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා ප්‍රකාශ කර සිටියේ “අපි කණ්ඩායමක් ලෙස සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ජයග්‍රහණය ලබා වෙළඳපල තුල අපගේ ස්තාවරත්වය තවදුරටත් පවත්වාගෙන යමින්, පාරිභෝගිකයින්ට වඩාත් ඉහළ සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි”.

2023 වර්ෂය පුරාSustainable Brand of the Year 2023, National Business Excellence Award 2023 ආදි දෙස් විදෙස් සම්මාන රාශියක් දිනාගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකරන රක්ෂණ ආයතනයක් ලෙස ප්‍රකට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ ශාඛා 100 ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් සපයමින් සිටියි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )