ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ එකම බෞද්ධ මංත්‍රි බානගල නා හිමියන් බැහැදකී

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ එකම බෞද්ධ මංත්‍රි බානගල නා හිමියන් බැහැදකී

පසුගිය නොවැම්බර් 17 වෙනිදා පැවති ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) තේරී පත්වූ එකම බෞද්ධ මන්ත්‍රීවරයා වන (Singrauli District) රාජේන්ද්‍ර මෙශ්රාම් (Rajendra Meshram) මහතා දෙසැම්බර් 16 වෙනිදා සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම දඹදිව සාංචි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සාංචි මහාබෝධි මධ්‍යස්ථානයේ දී බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එම අවස්ථාවට සාංචි විහාරවාසී බානගල විමලතිස්ස හිමියන් සහ උඩුගම තපස්සි හිමියෝ ද එක්වූහ.

මධ්‍ය ප්‍රදේශ් හි ජනගහනය කෝටි හතකි. එහි බෞද්ධ ජනගහනය 275,000 කි. එම ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 230ක් වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )