Zenith Insurance Brokers ව්‍යාපාරික ගමන්මගේ 35වන සංවත්සරය සමරයි

Zenith Insurance Brokers ව්‍යාපාරික ගමන්මගේ 35වන සංවත්සරය සමරයි

Zenith Insurance Brokers (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් තිස්සේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් එකකි. හයිඩරාමනි සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Zenith, සිය මව් සමාගම විසින් සියවසකට අධික කාලයක් පුරා ප්‍රකට කළ වටිනාකම් එලෙසින්ම රැකගනිමින් ක්‍රියාත්මක වන්නේ සේවාවන්ගේ ගුණාත්මකභාවය තුළින් සිය ස්ථාවරත්වය සහ පිළිගැනීම ද නොඅඩුව ලබමිනි.

“අපේ සමාගමේ පදනම විශ්වාසය ගොඩනඟා ගැනීමයි. සෑම සේවාදායකයෙකු සමඟම අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවට හරියටම ගැළපෙන ආකාරයේ සේවාවක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම රක්ෂණ ක්ෂේත්‍රයේ අලුත්ම අංගෝපාංග හඳුන්වා දෙන්නේත් සේවාදායකයන්ට හොඳම විසඳුම් ලබා දීමටයි.” Zenith Insurance Brokers (Pvt) Ltd. සහ හයිඩරාමනි සමූහයේ සභාපති විනෝද් හයිඩරාමනි මහතා පැවසීය.

Zenith යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම් අතරින් නිෂ්පාදනල විනෝදාත්මකල තාක්ෂණල බලශක්ති සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඔස්සේ පරිපූර්ණ රක්ෂණ විසඳුම් ලබා දෙන්නට ඉදිරිපත් වූ මුල්ම සමාගම් අතරින් එකකි.

වසර 35ක් පුරා ක්ෂේත්‍රයේ තරඟකාරීම මිල ගණන් ඉදිරිපත් කළ Zenith සමාගම, සේවාදායකයා මුල් තැනෙහි ලා සැලකීම ආරම්භයේ සිටම රැකගත් ගුණාංගයකි. සේවාදායකයාගේ අවශ්‍යතාව හඳුනාගෙන ඊට ගැළපෙන නිෂ්පාදන හෝ සේවාවන් ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර විස්තර විශ්ලේෂණයල හිමිකම් කළමනාකාරණය සඳහා ද දායකත්වය ලබා දෙයි. මීට අමතරව සේවාදායකයාගේ සහ ක්ෂේත්‍රයේ අවදානම් අවම කිරීම සඳහා නිරන්තරව යාවත්කාලීන වෙමින් හා ඒ සඳහා කැපවෙමින් කටයුතු කිරීම ද Zenith සතු සුවිශේෂී ගුණාංගයකි.

“රක්ෂණ තැරැව්කාර සමාගම් අතර පුරෝගාමී සමාගමක් ලෙස අපල දේපළ රක්ෂණල නාවික රක්ෂණල වෙළඳ සේවක ප්‍රතිලාභ සැලසුම්, මෝටර් රථ සමූහ ඒකක සහ ජීවිත රක්ෂණ විසඳුම් සඳහා සුවිශේෂී අයුරින් සකස් කළ සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවාග අපගේ දීර්ඝ ව්‍යාපාරික ගමන්මඟ තුළ ව්‍යාපාරික පරිසරය පිළිබඳ අපටම අනන්‍ය දැක්මක් සහ දැනුමක් ගොඩනඟා ගන්නටත් අප සමත් වුනාග වෙනස්වන වත්මන් ව්‍යාපාරික ලෝකය මැනවින් හඳුනාගන්නට මෙන්ම ශ්‍රී ලාංකික සේවාදායකයන්ට අභියෝග, අවදානම් අවම කරමින් වඩාත්ම ගැළපෙන අයුරින් සැකසූ සේවාවන් ලබා දෙන්නටත් Zenith අපි කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ හොඳම මිල ගණන් යටතේ වීමත් විශේෂත්වයක්” Zenith රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ ආදිත්‍ය හයිඩරාමනි මහතා පැවසීය.

“අප සෑම විටම උනන්දු වන්නේ සේවාදායකයාට කරදර නැති ඉස්තරම් සේවාවක් ලබා දෙමින් මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමටයි. Zenith අපි විශ්වාසදායක හවුල්කරුවෙකු වගේම සුවිශේෂී ආවරණයක් ද සේවාදායකයාට ලබා දෙන සමාගමක්. ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ සේවාදායක අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස වෙනස්කම් සිදුකිරීමටත් අප නිරන්තරයෙන් ඇපකැප වී සිටිනවා. අවිනිශ්චිත අවස්ථාවන්වල පවා වඩාත් වැදගත්ම දේවල් ආරක්ෂා කරමින් දීප්තිමත් සහ සවිමත් අනාගතයක් වෙත පියවර ඔසවන්නට Zenith අපි කටයුතු කරනු ලබනවා. මේ ආකාරයේ පුළුල් දැක්මක් ඇතිව රක්ෂණ තැරැව්කාර ව්‍යාපාරයට පිවිස වසර 35ක කාලයක් පුරා සේවාදායකයන්ට ළෙන්ගතුව අඛණ්ඩව සේවාවන් සලසන්නට කැප වූ අප සමාගමේ නිර්මාතෘ, සභාපති කිෂෝරේ හයිඩරාමනි මහතාට ස්තුති කරන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා” Zenith සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂ් ගුණරත්න මහතා පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )