Coca-Cola සහ Uber Eats එක්ව “Ride for Recycling” වැඩසටහන දියත් කරයි

Coca-Cola සහ Uber Eats එක්ව “Ride for Recycling” වැඩසටහන දියත් කරයි

Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන 2023 ලෝක පරිසර දින තේමාවට සමගාමීව කි‍්‍රයාත්මක වන මෙම වැඩසටහන හරහා වගකීම් සහගත අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවෙන් ජනතාව බලගන්වයි.

බස්නාහිර පළාතේ Uber Eats සේවා ජාලය මගින් කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් සෘජුවම PET බෝතල් එකතු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර, ඒ වෙනුවෙන් විශාල බෙදාහැරීමේ හවුල්කරුවන් (කුරියර් හවුල්කරුවන්) ජාලයක් යොදවයි. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉතා වැදගත් වන ගෘහස්ථ-අපද්‍රව්‍ය වෙන් කිරීමට ජනතාව දිරිමත් කරයි. බෙදාහැරීමේ හවුල්කරුවන් එකතු කිරීමේ පද්ධතියට ඒකාබද්ධ කිරීම මගින්, වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප‍්‍රවර්ධනය කරමින් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා ඔවුන්ගේ PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන් කිරීමට ක‍්‍රියාකාරීව සහභාගී වීම වෙනුවෙන් නිවැසියන් දිරිමත් කරනු ලැබේ. එමෙන්ම බෙදාහැරීමේ හවුල්කරුවෙකු විසින් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා නිවෙස්වලින් සෘජුවම PET ප්ලාස්ටික් එකතු කරන පළමු අවස්ථාව මෙයයි.

මෙම මුලපිරීමේ කොටසක් ලෙස, CCBSL සහ Uber Eats විසින් ප්ලාස්ටික් දුෂණයට එරෙහිව සටන් කිරීමට සහ පරිසරය සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට ක‍්‍රියාකාරීව සහභාගී වීමට මහජනතාව සහ අවන්හල් හවුල්කරුවන් දිරිමත් කරමින් පාරිසරික වගකීම ප‍්‍රවර්ධනය කරනු ඇත. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවෙස්වල නිතර භාවිතා කරන PET ප්ලාස්ටික් ද්‍රව්‍ය වන සිසිල් බීම බෝතල්, වතුර බෝතල්, යුෂ බහාලූම්, දෑත් සහ පිඟන් සෝදන දියර බෝතල් සහ ප්ලාස්ටික් හඳුනාගැනීමේ කේතය ”1” ලෙස ලේබල් කර ඇති අනෙකුත් ප්ලාස්ටික් බෝතල් එකතු කරන ලෙසයි. නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇති අපතේ දමන PET ප්ලාස්ටික් බෝතල් තම Uber Eats ඇණවුම ලබාදීමට දොරකඩටම පැමිණෙන කුරියර් හවුල්කරුවන් වෙත භාර දිය හැක. ඇණවුම් ලබා ගැනීමේදී PET බෝතල් එකතු කර Uber Eats කුරියර් හවුල්කරුවන් වෙත භාර දීමට ආපනශාලා හවුල්කරුවන් ද දිරිමත් කරනු ලැබේ.

සනීපාරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන්, කුරියර් හවුල්කරුවන් වෙත PET බෝතල් එකතු කිරීම සඳහා නිශ්චිතවම නම් කරන ලද වෙනම බෑගයක් ලබා දී ඇති අතර, බෙදා හරින ලද ආහාර සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව සහතික කරයි. පසුව කුරියර් හවුල්කරුවන් විසින් එකතු කරන ලද බෝතල් නියමිත එකතු කිරීමේ ස්ථානයකට බැහැර කරනු ලබයි. එම ස්ථාන වල CCBSL ”නැවත ජීවයක් දෙමු” (Give Back Life) PET ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුනක් තැන්පත් කර ඇති අතර PET ප්ලාස්ටික් එම බඳුනට යොමු කළ හැකිය. ඒ ඒ කුරියර් රියදුරන් එකතු කරන ලද PET ප්ලාස්ටික් බෝතල් අධීක්ෂණය කර ඒ ඒ අය එකතු කරන බෝතල් සංඛ්‍යාව මත පදනම්ව ඔවුන්ට මුදල් ගෙවන අතරම මුලපිරීම සඳහා ඔවුන්ගේ ක‍්‍රියාකාරී සහභාගීත්වය ඉහළින් අගය කරයි.

”ශ‍්‍රී ලංකාව තුළ වගකීමෙන් යුතුව PET ප්ලාස්ටික් එකතු කිරීම, බැහැර කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා බලපෑම්කාරී විසඳුම් ගෙන ඒම සඳහා Uber සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. Uber Eats හි පුළුල් ප‍්‍රවේශය සහ අපගේ හවුල්කරුවන්ගේ කැපවීම තව තවත් අගය කළ යුතු අතර, අපට වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට මහජනතාව සහ අවන්හල් හිමියන් ද මෙම වැඩපිළිවෙලට සම්බන්ධ කර ගත හැකිය.” යනුවෙන් Coca-Cola Beverages Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් පාණ්ඬේ මහතා පැවසීය.

Uber Sri Lanka හි සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ”මෙම තිරසාර මුලපිරීම සඳහා අප හා එක්වන ලෙස සාමාන්‍ය ජනතාවට සහ ආපනශාලා හිමියන්ට අපි ආරාධනා කරනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කුණු ගොඩවල් වලට සහ ජල මාර්ග වලට එකතු නොවීම සහතික කිරීම සඳහා සෑම පුද්ගලයෙකුටම සහ සෑම ව්‍යාපාරික ආයතනයකටම වගකීමක් තියෙනවා. අප සැම එක් වුවහොත් අක‍්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවට වගකීම් සහගත අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුද්ද සමාජගත කර හරිත අනාගතයක් වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තු දල්වාගත හැකිය.” යනුවෙනි.

මෙම මුලපිරීම තිරසාරත්වය වෙනුවෙන් ඉවහල් වනු ඇත. මෙම මුලපිරීම සඳහා සක‍්‍රියව සහභාගී වීමෙන්, Uber Eats කුරියර් හවුල්කරුවන්ට අමතර ආදායමක් ලබා ගැනීම සඳහා සහාය වීමට සාමාන්‍ය ජනතාව සහ අවන්හල් හවුල්කරුවන්ගේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. බොහෝ විට අපද්‍රව්‍ය ලෙස සැලකෙන පරිභෝජනයෙන් පසු PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය හරහා වටිනා සම්පතක් බවට පරිවර්තනය කළ හැකිය. PET ප්ලාස්ටික් වල වටිනාකම හඳුනාගෙන එය එකතු කිරීමට දායක වීමෙන්, සාමාන්‍ය ජනතාවට සහ ආපනශාලා හිමියන්ට කුරියර් රියදුරන්ට අමතර ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් අත්වැලක් විය හැකිය. එමෙන්ම මෙම වැඩසටහන සහභාගී වන සියලූම පාර්ශවයන්ට වාසිදායක වන වැඩසටහනකි.

එකතු කරන ලද PET ප්ලාස්ටික් Eco Spindles Pvt. Ltd. වෙත යවනු ලැබේ. එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගමකි. Eco Spindles විශේෂිත වන්නේ PET ප්ලාස්ටික් කොසු සහ බුරුසු සඳහා කෙඳි සහ ඇඟලූම් සඳහා නූල් වැනි අගය එකතු කළ අයිතම බවට පරිවර්තනය කිරීම නිසයි.

‘Ride for Recycling’ වැඩසටහන ප‍්‍රථමයෙන් කොළඹ උතුර, බටහිර, දකුණ සහ නැගෙනහිර ප‍්‍රදේශ ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කෙරෙන අතර, සැලකිය යුතු ප‍්‍රමාණයක ආහාර අනුභව කරන්නන් 20,000ක් සහ කුරියර් හවුල්කරුවන් 300කට අධික පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය. මෙම මුලපිරීම ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් දුෂණය අවම කිරීම පමණක් නොව, කුරියර් හවුල්කරුවන්ගේ ජීවනෝපාය සඳහා සහාය වීම, ජාතික ආර්ථිකයට දායක වීම යන ධනාත්මක කාරණා වලට අමතරව අපනයන ඉපැයීම් සහ තිරසාර සංවර්ධන ඉලක්ක 12, 13 සහ 14 යටතට එන වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය, දේශගුණික ක‍්‍රියාමාර්ග, සහ ජලය යට ජීවය ආරක්ෂා කිරීම සමඟ ද සමපාත වේ.

මෙම මුලපිරීම Coca-Cola හි ශ‍්‍රී ලංකාවේ ”නැවත ජීවයක් දෙමු” ^Give Back Life- GBL& වැඩසටහනේ කොටසක් වන අතර, 2030 වන විට විකුණනු ලබන සෑම බෝතලයක්ම එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ දැක්මක් සහිතව කි‍්‍රයාත්මක කරයි. GBL විසින් PET ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 500කට අධික ප‍්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර, දළ වශයෙන් PET කිලෝග‍්‍රෑම් 5000ක් එකතු කර ගත හැකි මහා පරිමාණ ප‍්‍රතිචකී‍්‍රයකරණ මධ්‍යස්ථාන 21ක් සහ ශ‍්‍රී ලංකාව පුරා ද්‍රව්‍ය ප‍්‍රතිසාධන පහසුකම් ද සපයා ඇත.

2020 දී, Uber සිය රියදුරන් හරිත විකල්ප වෙත ගමන් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් 2040 වන විට zero-emission mobility වේදිකාවක් බවට පරිවර්තනය කිරීමට ගෝලීය වශයෙන් සැලකිය යුතු කැපවීමක් කළේය. මෙම දැක්මට අනුකූලව, Uber Sri Lanka සිය බෙදාහැරීමේ සේවා සඳහා විදුලියෙන් කි‍්‍රයාත්මක වන පාපැදි 100ක් හඳුන්වා දෙමින් පුරෝගාමී පියවරක් ගෙන ඇති අතර, LEV බෙදාහැරීම් ක‍්‍රියාත්මක කිරීමේ පළමු වේදිකාව බවට පත් විය.

CCBSL සහ Uber ශ‍්‍රී ලංකාව තුළ තිරසාර භාවිතයන් සහ වගකීම් සහිත නිෂ්පාදන සහ පරිභෝජන සංස්කෘතියක් පෝෂණය කිරීමට කැපවී සිටිති. අපි පාරිභෝගිකයින්ගෙන් සහ ආපනශාලා හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩසටහන සමග එක්වන ලෙස සහ මෙම තිරසාර මුලපිරීමේ කොටස්කරුවෙකු වන ලෙසයි. කරුණාකර අංක 1 ප්ලාස්ටික් හඳුනාගැනීමේ කේතය සමඟ ලේබල් කර ඇති PET ප්ලාස්ටික් බෝතල් එකතු කර Uber Eats කුරියර් හවුල්කරුට භාර දෙන්න. ප්ලාස්ටික් දුෂණයට එරෙහිව සටන් කිරීමට සහ පිරිසිදු, හරිත ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ඔබේ ක‍්‍රියාකාරී සහභාගීත්වය ඉතා වැදගත් වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )