
AI තාක්ෂණය සුරක්ෂිත කිරීමට රටවල් 10ක් අමෙරිකාවේදී අත්සන් තබයි
කෘත්‍රිම බුද්ධිය සඳහා පදනම් වන තීරණාත්මක තාක්ෂණයන්, යටිතල පහසුකම් සහ සැපයුම් ජාල ආරක්ෂා කිරීම අරමුණු කරමින් අමෙරිකාවේ මූලිකත්වයෙන් සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී ඇතිකරගත් සැන් ෆ්රැන්සිස්කෝ ප්රකාශනය සඳහා රටවල් 10ක් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ ආර්ථික කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ජේකබ් හෙල්බර්ග් විසින් කැඳවනු ලැබූ පැක්ස් සිලිකා සමුළුව අතරතුර එම ප්රකාශනයට අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව, කටාර්, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍ය ගිවිසුමට අත්සන් තැබූ බව වාර්තා වේ.
උසස් තාක්ෂණය සම්බන්ධයෙන් ගෝලීය තරගකාරිත්වය වර්ධනය වෙමින් පවතින පසුබිමක, ආර්ථික හා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට රටවල් ගන්නා උත්සාහය මේ ප්රකාශනය තුළින් ආවරණය කෙරේ. ආර්ථික සුරක්ෂිතභාවය ජාතික ආරක්ෂාවේ මූලික පදනම බවත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සහ ආරක්ෂාව සහතික කිරීමට සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බවත් එම ප්රකාශනය තුළින් පිළිගෙන තිබේ.
තාක්ෂණික නිෂ්පාදනයට සහ ප්‍රවාහනයට ඉවහල් වන වරායන්, ප්‍රවාහන ජාලා, සන්නිවේදන පද්ධති, බලශක්ති පද්ධති සහ ඩිජිටල් වේදිකා අඩාල වීමෙන් හෝ අනවසර පාලනයට නතුවීමෙන් ආරක්ෂා කරගැනීම සැන් ෆ්රැන්සිස්කෝ ප්රකාශනයේ අරමුණ බව වාර්තා වේ.
