
අක්වාන් සුළි කුණාටුව ආන්ද්‍ර වෙරළ තීරයට
ගිනිකොනදිග සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය පෙරේදා වන විට අක්වාන් සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති අතර, පැයට කිලෝමීටර් 10ක වේගයෙන් ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. පෙරේදා පස්වරු 5.30 වන විට දකුණු හා බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉහළින් කේන්ද්‍ර ගතවූ අක්වාන් සුළි කුණාටුව හෙට (19) සහ අනිද්දා (20) ඇතුළත දරුණු සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවූ බව හින්දු පුවත් සේවය වාර්තා කළේය. මේ කාලගුණ විපර්යාසය හේතුවෙන් එම දෙදින ආන්ද්‍ර වෙරළ තීරයේ නගර රැසකට සහ තමිල්නාඩු, පුදුචේරි, තෙලංගනා, ඔඩීෂා සහ බටහිර බෙංගාලයේ ඇතැම් පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බවට ද අනාවැකි පළ වී තිබේ.
සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා ඔඩීෂා රජය ආපදා කළමනාකරණ කණ්ඩායම් 74ක් සීරුවෙන් තබා ඇති අතර, අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. සිදුවිය හැකි ජීවිත සහ දේපළ හානි වළක්වා ගැනීම සඳහා සියලු වෙරළබඩ දිස්ත්‍රික්කවල පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ආන්ද්‍ර ප්‍රදේශ් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බලධාරින්ට දැනුම් දී තිබේ.

Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.