
දික්ඕවිටින් අයිස් සොයාගනියි
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 100ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 52ක් සොයාගෙන තිබේ.
අදාළ යාත්‍රාව මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.
එම මෙහෙයුමේදී යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
CATEGORIES දේශීය පුවත්
