
අනිවාර්යය කල TIN අංකය ක්‍රියාත්මක කිරීම කල් දැමේ
නිශ්චිතව හඳුනාගත් කාර්යයන් 8ක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව, අදාළ කාර්යයන් 8 සඳහා TIN අංකය අනිවාර්ය කිරීමේ නව නියමය ක්‍රියාත්මක වීම සඳහා තවත් කාලයක් ලබාදී තිබේ.
