අගමැතිනිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති හමුවෙයි

අගමැතිනිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති Prof. Kithure Kindiki මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ඒ, ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීවය.

එහිදී ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවී තිබේ.

විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආයෝජන සහ දේශගුණික මූල්‍යකරණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම ආර්ථික සබඳතා පුළුල් කිරීම, දේශගුණික විපර්යාස හමුවේ පැනනගින අභියෝගවලට මුහුණදීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දේශගුණික මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )