
සපුගස්කන්ද යොෂීඩාවේ සුලක්ෂිට ජනාධිපති බාලදක්ෂිකා සම්මානය
කැළණිය සපුගස්කන්ද යොෂීඩා ජාත්‍යන්තර පාසලේ (66 වන කැළණිය බාලදක්ෂිකා සමූහය) ඉගෙනුම ලබන සුලක්ෂි උදාරා හෙට්ටිආරච්චි ශිෂ්‍යාව පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මානයෙන් පිදුම් ලැබුවාය.
සිය සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව සුලක්ෂි ශිෂ්‍යාව, යොෂීඩා ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ, යොෂීඩා අධ්‍යාපනික හා සංස්කෘතික පදනමේ සභාපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති මෙන්ම ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය. එහිදී ඇය සිය ජයග්‍රහණ සහතිකය උන්වහන්සේගේ සුරතින් ලබා ගැනීම ද විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් යොෂීඩා ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂිකා අම්බපාලි සිකුරාජපති මහත්මිය ප්‍රකාශ කළේ, සපුගස්කන්ද යොෂීඩා ජාත්‍යන්තර පාසල් ඉතිහාසය තුළ ජනාධිපති පදක්කම දිනාගත් තුන්වන ශිෂ්‍යාව සුලක්ෂි බවයි.
විශිෂ්ට බාලදක්ෂිකාවක මෙන්ම දක්ෂ ශිෂ්‍යාවක ද වන ඇය, පසුගිය වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද විශිෂ්ට සේවාවක් ඉටු කර ඇති බව අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සිහිපත් කළාය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කැළණිය කොට්ඨාශ බාලදක්ෂිකා කොමසාරිස් බුද්ධිණී ජයසුන්දර මෙනවිය ද සහභාගී වූවාය.
