
TNS GO දෙවැනි සංවත්සරය නිමිත්තෙන් 20%ක විශේෂ වට්ටමක්
ශ්‍රී ලංකාවේ විවිධ කාණ්ඩ යටතේ දෛනික අවශ්‍යතා සහ ගෘහස්ථ භාණ්ඩ එකම ස්ථානයකින් මිලදී ගැනීමට පහසුකම් සලසන TNS GO, www.tns-go.com සිය දෙවැනි සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 20 සිට 30 දක්වා “TNS GO 20” නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.
මෙම වැඩසටහන යටතේ MRP සඳහන් කර ඇති නිෂ්පාදන හැර අනෙකුත් සියලුම නිෂ්පාදන සඳහා 20%ක වට්ටමක් හිමි වන අතර, එම දීමනාව TNS GO අන්තර්ජාල වෙළෙඳසැලෙන් මෙන්ම එහි ශාඛා හතරෙන්ද ලබාගත හැකිය.
TNS GO ආරම්භ කර ඇත්තේ ආහාර, මුළුතැන්ගෙයි භාණ්ඩ සහ ගෘහස්ථ භාණ්ඩ වැනි විවිධ කාණ්ඩ සඳහා වෙන වෙනම අන්තර්ජාල වෙළෙඳසැල් භාවිත කිරීමට පාරිභෝගිකයන්ට සිදුවන තත්ත්වය වෙනස් කරමින්, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ එකම ස්ථානයකින් මිලදී ගැනීමේ පහසුකම සැලසීමේ අරමුණෙනි.
වසර දෙකක් සම්පූර්ණ වන විට TNS GO හි නිෂ්පාදන පරාසය කාණ්ඩ 20කට වැඩි ප්‍රමාණයක් දක්වා පුළුල් වී ඇති අතර, මුළුතැන්ගෙයි සහ බේකරි භාණ්ඩ, වීදුරු හා ගෘහස්ථ භාණ්ඩ, ආහාර ගබඩා කිරීමේ භාණ්ඩ, කිරි නිෂ්පාදන, රසකැවිලි, සාද සඳහා අවශ්‍ය භාණ්ඩ, තෑගි සහ ඇසුරුම් ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් එහි අලෙවි කෙරේ. ළදරු සත්කාර, සුරතල් සතුන්, ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු සහ ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යතා භාණ්ඩද එම එකතුවට ඇතුළත්ය.
TNS GO හි සභාපති සහ අධ්‍යක්ෂ අනෆ්ස් අනිස් මහතා සඳහන් කළේ, පුළුල් නිෂ්පාදන පරාසයක්, තරගකාරී මිල ගණන් සහ විශ්වාසදායක සේවාවක් සමඟ පහසු සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීම සමාගමේ අරමුණ බවයි.
TNS GO ශාඛා කොළඹ 6, කොළඹ 13, වත්තල සහ පැලවත්ත යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, රුපියල් 5,000කට වැඩි ඇණවුම් සඳහා දිවයින පුරා නොමිලේ බෙදාහැරීමේ පහසුකමද පවතී.
කොළඹ පාරිභෝගිකයන්ට UberEats සහ PickMe Food හරහා එදිනම ඇණවුම් ලබාගැනීමේ පහසුකමද හිමි වේ.
Deli, Eotia, Herman, Star, Riya Gold, AB Mauri සහ Rasarco වැනි වෙළෙඳ නාම මෙන්ම Nutella, Pringles, Nescafé, Cadbury, Lindt සහ Ferrero Rocher වැනි ජාත්‍යන්තර නිෂ්පාදනද TNS GO හි නිෂ්පාදන පරාසයට ඇතුළත්ය.
“TNS GO 20” දීමනාව සැප්තැම්බර් 20 සිට 30 දක්වා ක්‍රියාත්මක වන අතර, මුදල් සහ කාඩ්පත් ගෙවීම්වලට අමතරව WebXPay, Koko සහ Mintpay හරහා ගෙවීම් සහ වාරික ගෙවීම් පහසුකම්ද එහිදී ලබාගත හැකිය.
වැඩි විස්තර:
TNS GO | 077 500 6556 |info@tns-go.com | www.tns-go.com
Facebook / Instagram : @tnsgoshop
