ජන ජීවිත සුරක්ෂිත කිරීමේ 23 වසරක ගමන සමරන සණස ලයිෆ්

ජන ජීවිත සුරක්ෂිත කිරීමේ 23 වසරක ගමන සමරන සණස ලයිෆ්

සුවහසක් ශ්‍රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සැමරීය.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ.

දිවයිනේ ප්‍රමුඛතම ප්‍රජා මූල සංවිධානය වන සණස ව්‍යාපාරයේ ශක්තියෙන්  2003 වසරේදී  සමඟ ආරම්භ වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, අද වන විට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත රක්ෂණ, ඉතිරි කිරීමේ අවශ්‍යතා, විශ්‍රාම සැළසුම් සහ දිගුකාලීන මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් විවිධ විසඳුම් ලබාදෙන ආයතනයක් බවට පත්ව තිබේ. සියයකට අධික ශාඛා ජාලය සහ දිවයින පුරා විසිරී පැතිරී ඇති සණස සමිති 8000 අධික ප්‍රමාණයක් තුළින් ගොඩනගාගත් පාරිභෝගික විශ්වාසය  සණස ලයිෆ් ගමන් මගේ විශේෂ ශක්තියක් වී ඇත.

සංවත්සරය පිළිබඳ අදහස් දක්වමින් SANASA Life Insurance Company PLC හි සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සඳහන් කළේ,

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භ වූයේ රක්ෂණය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ළඟා විය හැකි දෙයක් විය යුතුය යන සරල නමුත් වැදගත් විශ්වාසය සමඟයි. අද වසර 23කට පසුවත් අපගේ මූලික අරමුණ වෙනස් වී නැහැ. වෙනස් වී ඇත්තේ අප වටා ඇති ලෝකය සහ අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතායි. ඒ නිසා ඉදිරි ගමනේදී වඩාත් පහසුවෙන් ජනතාව අතරට යාම, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ගැළපෙන විසඳුම් ලබාදීම සහ නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපි ප්‍රධාන වශයෙන් අවදානය යොමු කරනවා.. අප කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය තවත් ශක්තිමත් කරමින්, ඔවුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන්හිදී විශ්වාස කළ හැකි සහකරුවෙකු ලෙස ඉදිරිපත් වීමට අපි බලාපොරොත්තු වෙනවා.”

24 වන වසරට පිවිසෙන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, පාරිභෝගිකයන් වෙත තවදුරටත් සමීප වීම, රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි පිරිසක් වෙත ගෙන යාම සහ නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් පහසු සේවාවක් ලබාදීම කෙරෙහි සිය අවධානය යොමු කරමින් ඉදිරි ගමන සඳහා සූදානම් වෙයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )