
ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYZ ජනගත කෙරේ
ඩයලොග් ආසියාටා සහ TVS හවුල්කාරිත්වය සමඟින්, උසස් තාක්ෂණය, රියදුරන්ගෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකිරීමේ ගාස්තු ආකෘතිය මෙන්ම මගීන් සඳහා අසමසම වට්ටම් රැසක් පිරිනමන “ප්‍රජා – මූලික” ප්‍රති ආයෝජනයක් ලෙසින් ජනතාව අතරට.
ශ්‍රී ලංකාවේ නවතම සහ වඩාත් ආකර්ෂණීයම ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන මාධ්‍යය වන Miwayz සේවාව ජුලි මස 12 වනදා ජනගත කෙරිණි. මෙරට කුලී රථ සහ භාණ්ඩ ගෙන යාමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනතාව අතට පත්වන මෙම සේවාව ජනගත කිරීමට පෙර වාර්තාගත කෙටි කාලයක් තුළ මගීන් සහ රියදුරන් 25,000 කට අධික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය.
දීර්ඝ කාලයක පටන් ඉහළ විනිවිදභාවයක් සහ ආරක්ෂාවක් අපේක්ෂා කළ මගීන්ට මෙන්ම සාධාරණ ගෙවීම් ක්‍රමයක් අපේක්ෂා කළ රියදුරන්ට ද Miwayz සේවාව, සම්ප්‍රදායික ජංගම දුරකථන යෙදවුමක් ඉක්මවා යමින්, නූතන ගමනාගමන අභියෝග රැසකට විසඳුම් ලබා දෙන ප්‍රජාව මුල්කර ගත් විසඳුමකි.
මහමග යථාර්ථයට මුහුණ දීම : රියදුරන්ගේ ගැටළු වලට විසඳුම්
මෙරට නාගරික ගමනාගමන පද්ධතියේ කොඳු නාරටිය බඳු ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරු පැදි කරුවන් වසර ගණනක පටන් කටයුතු කළේ දැඩි මුල්‍ය අභියෝග රැසක් හමුවේය. සම්ප්‍රදායික කුලී රථ සේවා, සෑම ගමනක් සඳහාම 15% සිට 25% දක්වා ඉතා ඉහළ කොමිස් මුදලක් අයකර ගැනීමට කටයුතු කළ බැවින් රියදුරන්ට සැබෑ ලෙස හිමිවන මුදල සීමිත විය. අනපේක්ෂිත දෛනික ආදායම් සහ ඉහළ යන වාහන නඩත්තු සහ ඉන්ධන පිරිවැය හමුවේ රියදුරන්, ඩිජිටල් තිරයක් මත දිස්වන ඉලක්කමක් පමණක් බවට පත්ව තිබේ.
මෙම ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා Miwayz යෙදවුම, මින් පෙර නොවූ විරූ ආකාරයේ, රියදුරු කේන්ද්‍ර කර ගත් ආර්ථික මොඩලයක් හඳුන්වා දී ඇත:
- කිසිඳු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකිරීම : ලියාපදිංචි රියදුරු හවුල්කරුවන්ගෙන් පළමු මාස තුන තුළ කිසිඳු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකෙරෙන බැවින්, තමන් මහන්සියෙන් උපයා ගන්නා සම්පූර්ණ මුදලම ඔවුන්ට හිමි වේ.
- ක්ෂේත්‍රයේ අඩුම ස්ථාවර ග්‍රාහක ගාස්තුව : ප්‍රවර්ධන කාලයෙන් පසුව Miwayz සේවාව, ක්ෂේත්‍රයේ අඩුම දෛනික/මාසික ග්‍රාහක ගාස්තු ක්‍රමය රියදුරන් හට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව, ප්‍රතිශතාත්මක කොමිස් ක්‍රමය මුළුමනින්ම කෙරෙන බැවින්, මෙහෙයුම් පිරිවැය පිළිබඳ නිශ්චිත අවබෝධයකින් යුතුව සිය ආදායම් වල ස්ථාවරත්වය උපරිමකර ගැනීමට රියදුරන්ට අවස්ථාව උදා වේ.
දැවැන්ත වෙළෙඳපොළකට ඇතුළත් වීම
Miwayz, ශ්‍රී ලංකාවේ දැවැන්ත නාගරික ගමනාගමන වෙළෙඳපොළේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට (RPTA) අනුව, බස්නාහිර පළාත තුළ පමණක් මේවන විට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින ලියාපදිංචි ත්‍රීරෝදරථ සංඛ්‍යාව 250,000 කට අධික වේ.
තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නවතම රථවාහන දත්තවලට අනුව, ත්‍රීරෝද රථ මිලියන 1.20 ක් සහ යතුරු පැදි මිලියන 5.17 ක් මෙරට තුළ ලියාපදිංචි වී තිබේ. මෙම දැවැන්ත ක්ෂුද්‍ර – ව්‍යවසාය කාණ්ඩය සඳහා සාධාරණ මොඩලයක් හඳුන්වා දීම මගින් Miwayz යෙදවුම, මුල් අදියරයේදී කොළඹ නගරය තුළත්, ක්‍රමිකව බස්නාහිර පළාත තුළත් දෛනික ගමනාගමන වෙළෙඳපොළේ ප්‍රමුඛතම හිමිකාරිත්වයක් අත්කර ගැනීමට සූදානමින් සිටී.
අන්‍යොන්‍ය විශ්වාසය මත ගොඩනැගෙන පදනමක්
විශ්වාසය මත පදනම් වූ ගමනාගමන ක්ෂේත්‍රය තුළ Miwayz යෙදවුමට ඉතා කෙටි කාලයක් තුළ 25,000 කට අධික පිරිසක් ලියාපදිංචි වීමෙන්, ඒ සඳහා දේශීය පරිශීලකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කෙරේ.
“අපට අවශ්‍ය වුණේ තවත් ජංගම දුරකථන යෙදවුමක් සහ බලාපොරොත්තු ලබා දීමට නොවේ. අපගේ ඉලක්කය වුණේ, පළමු දිනයේ සිටම අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රජාවක් සමග මෙම ගමන ඉදිරියට ගමන් කිරීමටයි. මෙම සේවාව නිළ වශයෙන් ජනගත කිරීමටත් පෙර, 25,000 කට අධික රියදුරු හවුල්කරුවන් සහ මගීන් පිරිසක් ලියාපදිංචි වීමෙන්, අප කෙරෙහි ඔවුන් තැබූ එම විශ්වාසය පිළිබිඹු වනවා. අන්‍යොන්‍ය ගරුත්වය, අවංකබව සහ සාධාරණ වටිනාකම මත ගොඩනැගුණු සේවාවක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයින් තුළ ඇති කැමැත්තට එය මනා සාක්ෂ්‍ය සපයනවා,” යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී නල්ලියා දයාභරන් මහතා සඳහන් කළේය.
සම්ප්‍රදායෙන් ඔබ්බට: Miwayz ප්‍රතිඥාව
ශ්‍රී ලාංකේය මගීන් සහා රියදුරන් එදිනෙදා මුහුණදෙන අභියෝගවලට ප්‍රධාන අංශ තුනක් යටතේ විසඳුම් ලබා දීම සඳහා Miwayz විශේෂ අවධානය යොමු කරයි:
- ගාස්තු සම්බන්ධ පූර්ණ විනිවිදභාවය සහ ඉහළම සාධාරණත්වය : කිසිඳු සැඟවුණු ගාස්තුවකින්, අනපේක්ෂිත අමතර ගාස්තුවකින් හෝ අසාධාරණ මිල ඉහළ යාම්වලින් තොරව මගීන් හට මෙමගින් ඉතා විශ්වසනීය ලෙස තම ගාස්තුව කලින්ම දැනගත හැකිය. දුර සහ ගාස්තු සම්බන්ධව ඉහළම සහ සම්මත ගාස්තු අනුපාතයක් හරහා මගීන් හට උපරිම මානසික නිදහස් අත්විඳිය හැකිය.
- උපරිම ආරක්ෂාව : මගීන් සහ රියදුරන් ආරක්ෂා කිරීම සඳහා Miwayz යෙදවුම තහවුරු කර ගන්නා ලද ගිණුම්, ගමන් න්ගම සජීවීව අධීක්ෂණය සහ ඕනෑම මොහොතක සහයෝගය ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය ආදී විශේෂතා රැසකින් සමන්විත වේ.
- එදිනෙදා පහසුව සහ මගී දීමනා : සියලු ජීවන ශෛලීය අවශ්‍යතා සපුරාලන සගයෙකු ලෙස නිමාණයකර ඇති මෙම යෙදවුම, පහසු කුලී රථ සේවාවලින් මෙන්ම ආහාර – පාන ඇණවුම් කිරීම සඳහා ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත Miwayz Food ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වනු ඇත. තවද, යෙදවුම ජනගත කිරීමට සමගාමීව, පළමු මාස තුනක කාලය තුළ මගීන් සිදු කරන පළමු ගමන් වාර 5 සඳහා 50% ක වට්ටමක් ද පිරිනැමේ.
ඩයලොග් ආසියාටා සවිබලය
මගීන්ට මෙන්ම රියදුරන්ට ද සමස්ත ගමනාගමන අත්දැකීම වඩාත් පුළුල් කිරීම සඳහා, Miwayz යෙදවුම මෙරට ප්‍රමුඛතම රථවාහන බල ඇණි සහ ඉන්ධන කළමනා කරණ පද්ධතිය වන Dialog Touch සමග ක්‍රමෝපායික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මගින්, රියදුරු හවුල්කරුවන් හට සැබෑ අගයක් නිර්මාණය කරන අතරම, ඔවුන් හට වඩාත් ඉහළ පහසුවක් පිරිනමන නවෝත්පාදන ගෙවීම් සහ පාරිතෝෂික හිමිකර දීමට හැකියාව ලැබේ.
මෙම හවුල්කාරිත්වය හේතුවෙන් Dialog Touch පරිශීලකයින් හට, Miwayz යෙදවුමේ ගෙවීම් සඳහා Dialog Touch කාඩ්පත භාවිත කරමින් ක්ෂණිකව සහ මුදල් හුවමාරු කිරීමෙන් තොරව, පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය. තවද, Dialog Touch හරහා රියදුරු හවුල්කරුවන් හට ඉන්ධන වවුචර භාවිත කිරීමේ අවස්ථාව ද උදා වේ. එය, රියදුරන් හට අර්ථවත් ලෙස ඉන්ධන වියදම් ඉතිරිකර ගැනීමට සහයෝගය ලබා දීම සඳහා Dialog Touch හඳුන්වා දෙන, එවැනි ආකාරයේ ප්‍රථම පාරිතෝෂික වැඩසටහනයි.
දිගුකාලීන TVS සහයෝගය
ඩිජිටල් ශක්තිය, මහමග තිරසාරත්වය සමග ඒකාබද්ධ කිරීම සඳහා Miwayz යෙදවුම, TVS සමාගම සමග සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ තිබේ. දිගුකාලීන මෙහෙයුම් සහයෝගයක් ලබා දීම සඳහා ගොඩනගා ගත් එම සහයෝගීතාව මගින්, රියදුරන් හට කඩිනම් සහ සැබෑ ඉතුරුම් රැසක් පිරිනැමීමට නියමිතය. ඒ අනුව, ලියාපදිංචි Miwayz රියදුරු හවුල්කරුවන් හට පහත ප්‍රතිලාභ හිමි වේ:
- අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම් : සමස්ත නඩත්තු පිරිවැය අවම කිරීම සඳහා අත්‍යාවශ්‍ය වාහන කොටස් සඳහා දැවැන්ත මිල අඩු කිරීම්.
- විශේෂඥ වාහන සේවා : TVS සේවා මධ්‍යස්ථාන වලදී විශේෂිත, ප්‍රමුඛතා නඩත්තු සහ අලුත්වැඩියා සේවා.
- අගනා වාහන හුවමාරු දීමනා : රියදුරන් හට පහසුවෙන් සහ තිරසර ලෙස ඉහළ මාදිලියක වාහනයක් හිමිකර දීම සඳහා ආකර්ෂණීය වාහන හුවමාරු අවස්ථා.
මෙම හවුල්කාරිත්වය නියෝජනය කරමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සිය අදහස් පළ කළේය:
“තිරසර නාගරික සවිබල ගැන්වීමේ ගමනේදී Miwayz සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා. සැබෑ වෙළෙඳපොළ නවෝත්පාදනය ගොඩනැගීමට නම්, ප්‍රජාවට සැබෑ වටිනාකමක් හිමිකර දිය යුතු බව TVS අපගේ විශ්වාසයයි. අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්, විශේෂඥ සේවා සහ වඩාත් පහසු වාහන හුවමාරු විකල්ප සමගින් අප රියදුරන්ගේ මෙහෙයුම් පිරිවැය කැපීපෙනෙන ලෙස අවමකර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනවා. මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ සාමූහික ආර්ථික ර්වධනය සහ ආයතනික වගකීම පිළිබඳ දැනුම් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.”
ප්‍රජාව වෙනුවෙන් ආයෝජනය : සෘජු ප්‍රති ආයෝජන මොඩලය
ඉදිරිගාමී පියවරක් ලෙස Miwayz යෙදවුම, දිගුකාලීන සෘජු ප්‍රති ආයෝජන මොඩලය හරහා සිය පරිශීලකයින් සහ හවුල්කරුවන් වෙනුවෙන් සම්පත් යොමු කිරීමට කටයුතු කරයි.
කෙටිකාලීන වෙළෙඳපොළ හිමිකාරිත්වය වෙනුවට එම යෙදවුම තිරසර සහ දිගුකාලීන අමතර අගය නිර්මාණය කිරීම සඳහා සිය මෙහෙයුම් ප්‍රාග්ධනය ආපසු යෙදවීමට සැලසුම්කර තිබේ.
- රියදුරු හවුල්කරුවන් හට : TVS මෙහෙයුම් වට්ටම් වලට අමතරව, ඔවුන්ගේ ජීවනෝපාය උසස් කරන පුළුල් සුබසාධන වැඩසටහන්, තිරසර මුල්‍ය පාරිතෝෂික සහ දිගුකාලීන වෘත්තීය සංවර්ධන අවස්ථා.
- මගීන් සඳහා : ඔවුන්ගේ එදිනෙදා ගමනාගමන වියදම්වලට සහනයක් ලබා දෙමින්, නොවෙනස් ළෙන්ගතු පාරිතෝෂික, ඉහළ තරගකාරිත්වයක් සහිත දෛනික මිලකරණ ව්‍යූහ සසහ ප්‍රජාව මුල්කර ගත් ප්‍රවර්ධන වැඩසටහන් හරහා සැබෑ ආර්ථික සහනයක්.
“වර්ධනය ළඟාකර ගැනීමට ඇති හොඳම මාර්ගය දැන්වීම් කරණය නොව; ජනතාවගේ ජීවිත බලාත්මක කිරීම බව අපගේ විශ්වාසයයි. අපගේ රියදුරන් සහ මගීන් වෙනුවෙන් සෘජුව ආයෝජන සිදු කිරීම මගින් අප දිගුකාලීන ලෙස ශ්‍රී ලාංකිකයින් හට තිරසර සහ නොවෙනස් ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කරනවා,” යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී වැඩිදුරටත් සඳහන් කළේය.
යෙදවුම බාගත කර ගැනීම
Miwayz මගී සහ රියදුරු යෙදවුම්, iOS App Store සහ Google Play Store මගින් දැන් බාගත කළ හැකිය. තමන් කැමති ආකාරයට ගමනාගමන සහ ජීවන ශෛලීය පහසුව අත්විඳීම සඳහා අදම සිය යෙදවුම බාගත කර ගන්නා ලෙස Miwayz සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාකර සිටී.
Miwayz පිළිබඳ
Miwayz යනු, ශ්‍රී ලංකාවේ නූතන, ප්‍රජාව මුල්කර ගත් ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන සේවාවකි. නාගරික ගමනාගමන අත්දැකීම ඉහළ නැංවීම සඳහා කැප වී සිටින එම සේවාව, ප්‍රජාව සම්බන්ධ කිරීම, ඉදිරියට ගෙන යාම සහ සවිබල ගැන්වීම සඳහා වඩාත් සාධාරණ, කාර්‌යක්ෂම හා දියුණු කුලී රථ ඇණවුම් කිරීමේ තාක්ෂණයෙන්, විනිවිදභාවයෙන් යුතු මිලකරණයෙන්, ශක්තිමත් ආරක්ෂණ ප්‍රමිතිවලින් සහ අලෙවි නියෝජිත ජාලයකින් සමන්විත වේ.
