
ලොව ප්‍රමුඛතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය RAID AMAZONES කළුතරින් ඇරඹෙයි
“ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් හා නියෝජිතයන් 250කට අධික පිරිසක් වික්‍රමාන්විතකම, ඔරොත්තු දීමේ ශක්තිය හා කාන්තා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සොබාදහම, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ලංකාවට පැමිණේ”
ලොව ප්‍රසිද්ධතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය වන Raid Amazones, 2026 නොවැම්බර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වා සුන්දර කළුතර දිස්ත්‍රික්කයේදී යළි පැවැත්වීමට නියමිතය. සංවිධායකයින්, මාධ්‍යවේදීන් හා වෛද්‍ය කණ්ඩායම් ඇතුළු ජාත්‍යන්තර සහභාගිවන්නන් 250කට අධික පිරිසක් මෙවර කළුතරට එක්වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ අලංකාර භූ දර්ශන, සංස්කෘතික උරුමය සහ වික්‍රමාන්විත හා අත්දැකීම් සංචාරක ක්ෂේත්‍රය තුලින් රටේ වර්ධනය වන කීර්තිය ගෝලීය වේදිකාවක ලොවට පෙන්වීමට අවස්ථාවක් සැලසේ.
තරගාවලිය පුරාවටම සහභාගිවන්නන්ට හා නියෝජිත පිරිසට සුවපහසු නවාතැන් අත්දැකීමක් සැලසීම සඳහා නිල නවාතැන් හවුල්කරු ලෙස කටයුතු කරන්නේ Turyaa Kalutara හෝටලයයි.
Raid Amazones ආරම්භ කළේ 2001 වසරේදී ප්‍රංශ වික්‍රමාන්විත උත්සව විශේෂඥයෙකු හා හිටපු රූපවාහිනී-ගුවන්විදුලි නිවේදකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩෙබෝන් (Alexandre Debanne) විසිනි. ගවේෂණය, ඔරොත්තු දීමේ ශක්තිය හා පෞද්ගලික ජයග්‍රහණ සමරන අතරම, ක්‍රීඩාව, සංස්කෘතික සොයාගැනීම් සහ සහභාගිවන්නන් හා සත්කාරක ප්‍රජාවන් අතර අර්ථවත් සම්බන්ධතා ද මෙයට එක්කරගනිමින්, අද වන විට එය ලොව වඩාත්ම සුවිශේෂී කාන්තා-කේන්ද්‍රීය ත්‍රාසජනක උත්සවවලින් එකක් බවට පත්ව ඇත.
කාන්තාවන්ගේ ශක්තිය, දැඩි අධිෂ්ඨානය හා වික්‍රමාන්විත බව සැමරීම අරමුණු කරගෙන ආරම්භ වූ Raid Amazones, තරගකාරී ජයග්‍රහණයට එහාට ගොස් විවිධ පසුබිම්වලින් පැමිණෙන කාන්තාවන් එකට එක්රැස් කරයි. ඔරොත්තු දීමේ ශක්තිය, කණ්ඩායම් වැඩ හා එළිමහන් ත්‍රාසජනක ක්‍රියාකාරකම් හරහා තමන්ටම අභියෝග කිරීමට මෙය ඔවුන්ට අවස්ථාවක් වන අතර, විශ්වාසය, නායකත්වය, මිත්‍රත්වය හා සංස්කෘතික හුවමාරුව වර්ධනය කරමින්, අව්‍යාජ ලෙස නව ගමනාන්ත සොයාගැනීමට සහභාගිවන්නන් දිරිමත් කරයි.
ආරම්භයේ සිටම, වික්‍රමාන්විත ක්‍රීඩා, සංස්කෘතික සොයාගැනීම් හා ගමනාන්ත අත්දැකීම් එකට ගෙන එන ආකෘතිය නිසා Raid Amazones ජාත්‍යන්තර පිළිගැනීමක් දිනාගෙන තිබේ. ලොව විස්මිත ස්ථානවල පවත්වන මෙම තරගාවලියට දහස් ගණන් ක්‍රීඩිකාවන් සහභාගී වී ඇති අතර, රූපවාහිනී, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍ය, ඩිජිටල් කථා ප්‍රවේශන, ඡායාරූප හා වීඩියෝ නිර්මාණ හරහා සැලකිය යුතු ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් එයට හිමිව තිබේ.
ශ්‍රී ලංකාව Raid Amazones සමඟ දිගු කලක් තිස්සේ සම්බන්ධතා පවත්වාගෙන එන අතර, 2004 වසරේ සිට මේ දක්වා අවස්ථා හතක් තුළ මෙරට මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දරා තිබේ. 2004, 2009, 2018 සහ 2019 වසරවලට අමතරව, 2022 සංස්කරණයේ කණ්ඩායම් දෙකක් හා 2023 වසරද මෙයට ඇතුළත්ය.
2019 සංස්කරණය ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයේ විශේෂ තැනක් ගනී. යුද්ධය අවසන් වී වසර ගණනාවකට පසුව රට සත්කාරකත්වය දැරූ ප්‍රථම විශාල ජාත්‍යන්තර වික්‍රමාන්විත උත්සවවලින් එකක් එය විය. පාසිකුඩා, කල්කුඩා හා තොප්පිගල ප්‍රදේශවල භූ දර්ශන පසුබිම් කරගෙන පැවති මෙම උත්සවය, නැගෙනහිර පළාතේ මුහුදු වෙරළ, කලපු, වනාන්තර හා ගැමි ප්‍රජාවන් ලොවට හඳුන්වා දෙමින්, එම කලාපය ත්‍රාසජනක හා අත්දැකීම් සංචාරක ක්ෂේත්‍රයේ නැගී එන ගමනාන්තයක් ලෙස ස්ථානගත වීමට ද මග පෑදුවේය.
Raid Amazones, ශ්‍රීලංකන් ගුවන් සමාගම හා Connaissance De Ceylan අතර සහයෝගීතාවක් හරහා ‘RAID AMAZONES ශ්‍රී ලංකා 2026’ ක්‍රියාත්මක කෙරෙන අතර, එයට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයද හිමි වේ. ලෝක මට්ටමේ වික්‍රමාන්විත උත්සව කළමනාකරණයේ ගෝලීය පළපුරුද්ද Raid Amazones ගෙන එන අතර, ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතාව හා ගමනාන්ත ප්‍රවර්ධනය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම දායක වේ.
Connaissance De Ceylan නිල බිම් හැසිරවීමේ හවුල්කරු ලෙස ප්‍රාදේශීය ප්‍රවීණත්වය, මෙහෙයුම් සම්බන්ධීකරණය හා ගමනාන්ත සහාය සපයයි. නිල නවාතැන් හවුල්කරු වන Turyaa Kalutara සමඟින්ද එක්ව, මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ භූ දර්ශන, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවේ ඉදිරිපත් කරනු ඇත.
