තාක්ෂණික උපාංග වෙළඳපොල නම රැන්දූ එක්ස්ක්ලූසිව් ( Xclusive) අභිමානවත් 9 වැනි වසර සපුරයි

තාක්ෂණික උපාංග වෙළඳපොල නම රැන්දූ එක්ස්ක්ලූසිව් ( Xclusive) අභිමානවත් 9 වැනි වසර සපුරයි

උසස් මට්ටමේ  තාක්ෂණික නිෂ්පාදන සඳහා ජනතා  විශ්වාසය දිනූ  එක්ස්ක්ලූසිව් තම ව්‍යාපාරික ගමන් මගෙහි 9 වැනි සංවත්සරය සමරමින් තාක්ෂණික වෙළඳ නාම අලෙවියේ  පෙරමුණට පැමිණෙයි.

එක්ස්ක්ලූසිව්  දේශිය වෙළඳපොලට සපැමිණි 2017 වසර වනවිට තාක්ෂණික අමතර උපාංග (accessories) සම්බන්ධයෙන් පැවැතියේ පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හා බාල අනුකාරක තෝරාබේරා ගත නොහැකි ව්‍යාකූල තත්ත්වයකි.  තවද, ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාමවලට ප්‍රවේශය සීමා වූ නිසා, අව්‍යාජ නිෂ්පාදන විශ්වාසයෙන් මිලදී ගැනීම අපහසු විය.

මෙම ගැටලුව විසඳීමට පැහැදිලි දැක්මක් සහිතව ඇප කැපවූ  එක්ස්ක්ලූසිව්, හොඳින් තෝරාගත් ජංගම දුරකතන උපාංග සමූහයක් ඉදිරිපත් කළේය.  වසර ගණනාවක් පුරා, සමාගම තම නිෂ්පාදන පරාසය විශාල කරගත් අතර, අව්‍යාජ හා උසස් තත්ත්වයේ තාක්ෂණික නිෂ්පාදන පමණක් සැපයීමේ මූලික වගකීම අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

ගාල්ල පාර, කොළඹ 04 පිහිටි ප්‍රධාන වෙළඳසැල පවත්වාගෙන යන  මෙම සමාගම, ශ්‍රී ලංකාව පුරා ර්වධනය  වන විශ්වාසනීය පාරිභෝගික පදනමක් ගොඩනගාගෙන ඇත.

“ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අව්‍යාජ  නිෂ්පාදන සහ විශ්වාසනීය සේවාවක් ගබාසදිය යුතුය යන සරල සංකල්පවෙයන් යුතුව අපි 2017 දී වයාපාරය ආරම්භ කළා ,” යැයි එක්ස්ක්ලූසිව්, සමාගමේ අධ්‍යක්ෂ අබ්දුල් රසාක් මහතා පැවසීය. “වසර 9ක් ගතවී ඇති නමුත්, ඒ කැපවීම කිසිදා වෙනස් වී නැහැ. අපි කෙතරම් විශාල ලෙස ර්වධනය වුවත්, අව්‍යාජ භාණ්ඩ සැපයීම  සහ පාරිභෝගික විශ්වාසය අපගේ මූලික අවධානය ලෙසම පවතී.”

ගාල්ල පාරේ පිහිටි ප්‍රධාන වෙළඳසැල කොළඹ තාක්ෂණික රසිකයන් අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇති අතර, පාරිභෝගිකයන්ට නිෂ්පාදන අත්දැකීම් ලබාගැනීමට, විශේෂඥ උපදෙස් ලබාගැනීමට සහ විශ්වාසයෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසයි.

අද වන විට Xclusive, Dyson, Xiaomi, Anker, Baseus, ESR, Logitech සහ LDNIO වැනි ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාම රැසක් යටතේ විශාල නිෂ්පාදන පරාසයක් ලබාදෙමින්, උසස් තත්ත්වයේ තාක්ෂණික උපාංග සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සඳහා එකම ගමනාන්තයක් ලෙස ස්ථාපිත වී ඇත.

කොළඹින් පිටත පාරිභෝගිකයන් සඳහා, එක්ස්ක්ලූසිව්, තම ඩිජිටල් පැවැත්ම xclusive.lk හරහා ර්වධනය කරමින්, යාපනය සහ ගාල්ල ඇතුළුව දිවයින පුරා  සැපයුම් කරයි.

වසර 9 සැමරීම සඳහා, එක්ස්ක්ලූසිව්, විසින් මැයි 4 සිට මැයි 16 දක්වා විශේෂ ප්‍රර්වධන වැඩසටහනක් ආරම්භ කරයි. පාරිභෝගිකයන්ට සියලුම සාමාන්‍ය මිලට අලෙවි වන නිෂ්පාදන සඳහා 10% ක වට්ටමක් ලබාගත හැකි අතර, එය වෙළඳසැල තුළත් අන්තර් ජාලය හරහාත් ලබාගත හැක.

මෙම වට්ටම SPECIAL10 කූපන් කේතය භාවිතා කර checkout කිරීමේදී ලබාගත හැකි අතර, මුදල්, බැංකු මාරු සහ කාඩ්පත් ගෙවීම් වැනි ගෙවීම් ක්‍රම පිළිගනු ලැබේ.

වැඩි විස්තර සඳහා www.xclusive.lk වෙබ් අඩවියට පිවිසෙන්න හෝ 0766825916 අංකයට අමතන්න. විද්‍යුත් තැපෑල: srilanka@gmail.com

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )