IMC කැම්පස් වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්විය

IMC කැම්පස් වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්විය

අඛණ්ඩව තුන්වන වරටත් IMC Campus ආයතනය තම වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දෙසැම්බර් 8 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ (BMICH) ශාලාවේදී සාර්ථකව පැවැත්විය. එහිදී උපාධිධාරී සිසුන්ගේ අධ්‍යන ජයග්‍රහණ සැමරීම හා ඔවුන් දිරිගැන්වීම සිදු කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය උදය මොහාන් දේව්දාස් මහතා සහභාගී වූ අතර, IMC කැම්පස් හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ආචාර්ය කාව්‍යා ජයකොඩි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉංජිනේරු ප්‍රියන්ත මොරපිටිය යන මහත්වරුන් ද සහභාගී වූහ.

සිසුන් දෙසීයකට අධික පිරිසකගේ අධ්‍යන හා වෘත්තිය ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුන් විසින් ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි, සහ ආචාර්ය උපාධීන් ලබා ගන්නා ලදී.

අධ්‍යනය අංශ ප්‍රධානී ආචාර්ය අමල් විජේනායක මහතාගේ නායකත්වය යටතේ සරලා උඩදේව ආරච්චී මෙනවියගේ පරිපාලණීය සහ සම්බන්ධීකරණ අධීක්ෂණය යටතේ ප්‍රගාශීනි සිවලින්ගම් මෙනෙවිය, ටශිනි පෙරේරා මෙනවිය සහ වින්දියා ගමගේ මහත්මිය යන අයගේ සම්බන්ධීකරණ සහයෝගය ඇතිව වඩාත් ගෞරවනීය උත්සවයක් බවට සහතික කරලීමට හැකි විය.

IMC කැම්පස් යනු කාම්බෝජයේ IIC තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ලන්ඩන් කළමනාකරණ සුදුසුකම් (LMQ) හි අනුමත හවුල්කරුවෙකු වන අතර ශ්‍රී ලංකාවේ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධීන් ලබා දීමට බලයලත් ආයතනය වේ. හවුල්කාර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC), ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමය (IAU), ලෝක අධ්‍යාපන සේවා (WES) සහ ආසියා සහ පැසිෆික් විශ්ව විද්‍යාල සංගමය (AUAP) විසින් පිළිගනු ලැබේ.

IMC කැම්පස් ආයතනය අධ්‍යාපන, මුල් ළමාවිය අධ්‍යාපන, කළමනාකරණය, අලෙවිකරණය, මානව සම්පත්, මූල්‍ය, ආගන්තුක සත්කාර සහ සංචාරක, සැපයුම් දාම කළමනාකරණය සහ AI යන ක්ෂේත්‍රවල වැඩසටහන් පිරිනමන අතර, එමඟින් සිසුන්ගේ සාර්ථකත්ව අනුපාතය සියයට 98කට වඩා වැඩි මට්ටමක පවත්වා ගනිමින්, රැකියාවල නියුතු වෘත්තිකයන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සමඟ උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකියාව ලබා දෙයි.

2026 ජනවාරි කණ්ඩායම් බඳවා ගැනීම් සඳහා අයදුම් පත් යොමු කිරීම දැන් විවෘතව ඇත. විමසීම් info@imceducation.lk වෙත යොමු කළ හැකිය, නැතහොත් 0772 922 922 / 0772 998 996 අංකයට අමතන්න.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )