කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් අද (20) දිනයේ දී දැක ගත විය.
එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 260.11 කින් ඉහළ ගොස් ඒකක 10,850.53 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 106.92 කින් ඉහළ ගොස් ඒකක 3,059.00 ක් ලෙසත් සටහන වී තිබුණි.
අද දින සමාගම් 153 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර එහිදී මිල දර්ශකවල වර්ධනය සඳහා සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, මෙල්ස්ටාකෝප් සහ DFCC යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
රු. මිලියන 909.95 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
CATEGORIES ව්යාපාරික පුවත්
TAGS CSE