ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් අයිතිය ගැන නිවේදනයක්

ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් අයිතිය ගැන නිවේදනයක්

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් හා සඟරාවල දැන්වීම් පළ කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ කමිටුව විසින් මෙම දැන්වීම් පළ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි 51.34%ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතී. ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාඑවේ ජීවිත රක්ෂණ අරමුදල 26.27% ක් සහ සාමාන්‍ය රක්ෂණ අරමුදල 25.07% ක් වශයෙනි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )