ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගමේ ‘The Grand’ වෙබ් අඩවිය BestWeb.lk හිදී රනින් පිදුම් ලබයි

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගමේ ‘The Grand’ වෙබ් අඩවිය BestWeb.lk හිදී රනින් පිදුම් ලබයි

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම (Prime Lands Residencies PLC) තම ඩිජිටල් නවෝත්පාදන හැකියාවන් වෙනුවෙන් යළිත් වරක් ස්වර්ණමය ඇගයීමකට ලක්වීමට පසුගියදා සමත් විය. ඒ අඛණ්ඩව දෙවැනි වරටත් BestWeb.lk සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ආයතනික වෙබ් අඩවිය’ කාණ්ඩයේ රන් සම්මානයක් දිනාගනිමිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නව මානයක් එක් කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි The Grand Ward Place නිල වෙබ් අඩවිය (https://thegrand.lk) වෙනුවෙන් මෙම සම්මානය හිමි විය.

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් යනු තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාදෙන අතරම ඔවුන්ට අර්ථවත් හා සුහදශීලී ලෙස තමන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීම සඳහා සෑම විටම කටයුතු කරන සමාගමකි. සමාගමේ වෙබ් අඩවිය මේ සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන අතර, එය බෙහෙවින් සාර්ථක ක්‍රමවේදයක් බව මෙම සම්මානය මගින් යළිත් වරක් තහවුරු වී තිබේ. මෙය වර්තමාන ඩිජිටල් ප්‍රවණතාවන්ට අනුගත වීම සහ අනාගත අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීම සම්බන්ධයෙන් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට මනා ආදර්ශයක් වනු නොඅනුමානය.

Grand Ward Place වෙබ් අඩවිය හුදෙක් දේපළ වෙබ් අඩවියක් පමණක් නොවේ. එය පාරිභෝගිකයින්ට දැනුවත් තීරණ ගැනීමට, ප්‍රයිම් කණ්ඩායම සමග සම්බන්ධ වීමට මෙන්ම ලෝකයේ ඕනෑම තැනක සිට ප්‍රයිම් සමූහයේ අතිවිශිෂ්ට සේවාව අත්විඳීමට අවස්ථාව උදා කර දෙයි. එමෙන්ම එය දේපළ වෙළඳාම් කර්මාන්තයේ පරිවර්තනීය ප්‍රවණතා සමග ඉදිරියට යමින් සමාගමේ ඉදිරිගාමී ඩිජිටල් ක්‍රමෝපාය යථාර්ථයක් බවට පත්කිරීමට උපකාරී වන මාධ්‍යයකි.

මීට පෙරද සම්මාන ප්‍රදානෝත්සව රැසකදී නවෝත්පාදනය, පාරිභෝගික සේවාව සහ ආයතනික විශිෂ්ටත්වය ඇතුළු විවිධ කාණ්ඩ යටතේ සම්මාන දිනාගැනීමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම සමත් වී ඇත. මේ ජයග්‍රහණ සියල්ල, ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම ශ්‍රී ලංකාවේ දේපළ කර්මාන්තය තුළ සෑම අතින්ම ඉදිරියෙන් සිටින බවට සාක්ෂි දරයි.

LK Domain Registry මගින් සංවිධානය කරනු ලබන BestWeb.lk සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක විශිෂ්ට වෙබ් අඩවි ඇගයීමට ලක්කරන වාර්ෂික සම්මාන උළෙලකි. එහිදී වෙබ් අඩවිවල නිර්මාණශීලිත්වය, ක්‍රියාකාරීත්වය, තාක්ෂණික ගුණාත්මකභාවය සහ පරිශීලක අත්දැකීම යනාදී විවිධ අංශ ඇගයීමට ලක් වේ.

ප්‍රයිම් සමූහය යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක අද්විතීය උරුමයක් හිමි දැවැන්ත සමූහ ව්‍යාපාරයකි.  එම සමූහයේ කොටසක් ලෙස එම උරුමය තුළින්ම පන්නරය ලබන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම මෙරට සහධිපත්‍ය දේපළ (Condominium) ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබේ. මේ වන විට එම සමාගම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දේපළ ව්‍යාපෘති 45 කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇති අතර, තවත් ව්‍යාපෘති 5 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. ඊට අමතරව ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම විසින් මෑතකදී තවත් ව්‍යාපෘති 2 ක් අලුතින් ආරම්භ කරන ලදි. මේ සියල්ල ඔස්සේ මෙරට පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගනිමින්, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දිනෙන් දින දියුණුව කරා යාමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම සමත් වී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )