සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ 77 වැනි ශාකාව බණ්ඩාරගමදී විවෘත වේ

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ 77 වැනි ශාකාව බණ්ඩාරගමදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් සිය 77 වැනි ශාකාව බණ්ඩාරගම නගරයේදී විවෘත කරන ලදී. අංක. 15, කැස්බෑව පාර, බණ්ඩාරගම ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) ඩිලාන් ගුණරත්න මහතා, දිස්ත්‍රීක් කළමණාකරු ඉදුනිල් ද සිල්වා මහතා, බණ්ඩාරගම ශාකා කළමණාකරු ගයාන් මධුශංඛ මහතා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුලු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සැපැයූ විශිෂ්ට සේවයයි. රටේ ප්‍රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවක් සපයන අතර පාරිභෝගිකයන්ගේ සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි.

“ දිවයින පුරා අපගේ ශාකා ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් 77 වැනි ශාකාව බණ්ඩාරගමදී විවෘත කළා. වර්තමානයේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළේ 1%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනවා. ඉදිරියේදී එම වෙළෙඳපොළ කොටස තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් අපගේ ශාකා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )