CAFE – 2025 සම්මාන උළෙලේ විශිෂ්ට ජයග්‍රහණ සමරයි

CAFE – 2025 සම්මාන උළෙලේ විශිෂ්ට ජයග්‍රහණ සමරයි

ශ්‍රී ලංකා සූපවේදීන් ගේ සංසදය (Chef Guild Sri Lanka) විසින් සංවිධානය කරන ලද CAFE – 2025 හෙවත්, Culinary Art Food Expo – 2025 උළෙලේ දී Cinnamon Colombo Hotels හෝටල් ත්‍රිත්වය ලැබූ විශිෂ්ට ජයග්‍රහණ සැමරීම උදෙසා පසුගිය ජූනි 30 වැනි දින, Cinnamon Lakeside Colombo විසින් විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට මාධ්‍ය සාමාජිකයින් සහ Cinnamon Colombo Hotels ත්‍රිත්වයේ ජයග්‍රාහී කණ්ඩායම් එක්ව සිටි අතර, සූප ශාස්ත්‍රයේ කලාත්මකභාවය සහ ආහාර පාන සේවාව යන දෙඅංශයෙන් ම කොළඹ සිනමන් හෝටල් ලද ජයග්‍රහණ ඇගැයීමට ලක් විය.

ඒ අනුව, CAFE – 2025 ආහාර කලා උළෙලේදී කොළඹ සිනමන් හෝටල් ත්‍රිත්වය දිනාගත් විශිෂ්ටත්වයෙන් පිරුණු ජයග්‍රහණ රැස අතර සිනමන් ලේක් සයිඩ්, සම්මාන උලෙළේ උසස්ම ගෞරවය වන 2025 වසරේ “විශිෂ්ටතම සමස්ත හෝටල් ශූරතා කුසලානය දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය, Cinnamon Grand Colombo, Cinnamon Lakeside Colombo, සහ Cinnamon Red Colombo ආයතනවල ආහාර පාන සේවා කණ්ඩායම් දැක්වූ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපවීමේ සංකේතයක් ලෙස තවදුරටත් සනිටුහන් විය.

මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව පුරා, සිනමන් සූපවේදීන් විසින් ආකර්ෂණීය සජීවී ආහාර පාන ප්‍රදර්ශනමාලාවක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී කණ්ඩායම් සාමාජිකයින් ගේ නිපුණතාව, ශෛලීන්, නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය පිළිබිඹු කරන ආකාරයේ අතිශය අලංකාර සියුම් චොක්ලට් නිර්මාණ සහ ආකර්ෂණීය flair bartending දැක්ම ඔස්සේ මුළුතැන්ගෙයින් ඔබ්බට ගිය ඔවුන්ගේ හැකියා ප්‍රදර්ශනය කරන ලදි.

මෙම විශේෂ අවස්ථාවට Cinnamon Colombo Hotels හි ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් සහභාගී වූ අතර, කණ්ඩායමේ විශිෂ්ට කාර්යසාධනය සහ ජයග්‍රහණ පිළිබඳ ඔවූහු මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූහ.

ඒ අනුව, Cinnamon Colombo Hotels හි ප්‍රාදේශීය උපදේශක සහ Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරි කමල් මුණසිංහ, Cinnamon Lakeside Colombo හි සාමාන්‍යාධිකාරී,නසූමි අසාර් සහ, Cinnamon Red Colombo හි සාමාන්‍යාධිකාරී,ටෙරන්ස් ෆර්නැන්ඩු මහත්වරු, මෙම විශිෂ්ට ක්‍රියාකාරිත්වයට දායක වූ සමස්ත කණ්ඩායමේ කැපවීම, නවෝත්පාදනය, සහ සහයෝගය පිළිබඳ ඉමහත් ගෞරවයෙන් අදහස් දැක්වූහ.

මීට අමතරව Cinnamon Grand Colombo සහ Cinnamon Lakeside Colombo හි Cluster Executive Chef කපිල ජයසිංහ, Cinnamon Lakeside Colombo හි විධායක සූපවේදී අෂාන් ලියනගේ, Cinnamon Red Colombo හි විධායක සූපවේදී අසේල නිස්සංක, Cinnamon Lakeside Colombo හි ආහාර පාන අධ්‍යක්ෂ තුෂාර බණ්ඩාර, Cinnamon Grand Colombo හි ආහාර පාන සහකාර අධ්‍යක්ෂ නාමල් ජයලත් සහ Cinnamon Red Colombo හි මෙහෙයුම් කළමනාකරු ඉෂාන් රුද්‍රිගු යන, සිනමන් හෝටල් හි විධායක මණ්ඩලයේ සහ නායක සූපවේදී මණ්ඩලයේ සාමාජිකයින් ද වේදිකාවට එක්ව සිටියහ.

මෙම නායකයින් ගේ සහයෝගිතාවය සහ Cinnamon Colombo Hotels කණ්ඩායමේ නවෝත්පාදන හා විශිෂ්ටත්වයේ කාර්යභාරය, මෙම ජයග්‍රහණය ලබා ගැනීමට මූලිකම දායකත්වය සපයන ලදි.

උත්සවය නිමා වූයේ විචිත්‍රවත් මාධ්‍ය ප්‍රශ්න – පිළිතුරු සාකච්ඡාවකින් සහ ආහාර පාන පිරිනැමීම් රාශියකිනි.

මෙම අවස්ථාව, Cinnamon Colombo Hotels සමූහයේ ආහාර පාන විශිෂ්ටත්වය හා නවෝත්පාදනයේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින්, මාධ්‍යවේදීන්ට ද ආකර්ෂණීය සහ අමතක නොවන අත්දැකීමක් එක් කළ සැඳෑවක් විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )