සණස ලයිෆ් රක්ෂණ සමාගම ‘සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු’ සම්මන්ත්‍රණ මාලාව දියත් කිරීම අරඹයි

සණස ලයිෆ් රක්ෂණ සමාගම ‘සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු’ සම්මන්ත්‍රණ මාලාව දියත් කිරීම අරඹයි

මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම විසින් දියත් කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී කඩ ඉමක් පසු කරමින් පහ වසර ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් සම්මන්ත්‍රණ මාලාවක් දියත් කිරීම පසු ගිය දා ආරම්භ කෙරිණි. ‘සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු’ නමින් ක්‍රියාත්මක මෙම සම්මන්ත්‍රණ මාලාව ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් ආරම්භ කෙරුණු මෙම සම්මන්ත්‍රණ මාලාව දීප ව්‍යාප්ත ව දියත් කිරීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම අරමුණු කරයි.

ශ්‍රී ලාංකේය ජනතාව බල ගැන්වීම වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහි දී සණස ලයිෆ් රක්ෂණ සමාගම, අනාගත පරපුර බල ගැන්වීම අරමුණු කරමින් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව ද පැවසිය යුතු ම කරුණකි.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අලෙවි ප්‍රධානී මහේෂ් වික්‍රමතුංග මහතා පැවසුවේ, “සණස ලයිෆ් රක්ෂණ සමාගම අධ්‍යාපනය යන තේමාව යටතේ සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මේ හරහා නැණවත් අනාගත පරපුරක් ශ්‍රී ලාංකේය ජාතියට දායාද කිරීම අපගේ අරමුණයි. මෙම ‘සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු’ සම්මන්ත්‍රණ මාලාව, අවම පහසුකම් සහිත සහ ග්‍රාමීය ප්‍රදේශවලට මූලික අවධානය යොමු කරමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට අපි අරමුණු කරනවා. ඒ වගේ ම ශ්‍රී ලාංකික දරු පරපුර අධ්‍යාපනික වශයෙන් බල ගැන්වීමට අපි ඉදිරියේ දීත් අඛණ්ඩ ව කැප වන බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

එමෙන් ම ජීවිතයේ දියුණුව කරා ගමන් කිරීමට මනා පන්නරයක් ලබා දෙන සණස ආචාර ධර්ම හරහා ආයතනික අධ්‍යාපන අංශය සංවර්ධනය කරන අතරතුර, සණස ලයිෆ් රක්ෂණ සමාගම වෘත්තීය මාවත විවර කර ගැනීම සඳහා මෙරට දරු පරපුරට සහයෝගය ලබා දෙන බව ද පැවසිය යුතු ම ය. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා දරු පරපුර අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව අවධාරණය කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් බල ගැන්වීම වෙනුවෙන් “සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු” සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කිරීම ප්‍රශංසනීය වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )