
සණස ලයිෆ් රක්ෂණ සමාගම 2025 Future Minds ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ අනුග්‍රාහකත්වය ලබා දෙයි
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් කැප වූ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම විසින්, අඛණ්ඩව සිව්වැනි වසරටත් Future Minds ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ අනුග්‍රාහකයා ලෙස සිය සහයෝගය ලබා දීමට කටයුතු කෙරිණි.
සණස ලයිෆ් රක්ෂණ සමාගම තරුණ තරුණියන් වෙත සහයෝගය ලබා දීමේ වැදගත්කම සහ වර්ධනය හා දියුණුව කරා ගමන් කිරීමට ඔවුන්ගේ උත්සහය පිළිබඳ ව සඳහන් කරමින්, එම සමාගමේ මානව සම්පත් හා ආයතන / උපාය මාර්ග හා අවදානම් කළමනාකරණ සහ නියෝජිතායතන සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “ වාර්ෂිකව පවත්වනු ලබන Future Minds ප්‍රදර්ශනයේ ආරම්භයේ සිට ම සහයෝගය ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරනවා. රැකියා වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයෙන් වෘත්තිකයින් හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය බල ගන්වමින්, සිසු සිසුවියන්ට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පැහැදිලි මාවතක් සැපයීම අපගේ අරමුණයි.”
එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සණස ලයිෆ් රක්ෂණ සමාගම ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳ ව පියසේන මහතා වැඩි දුරටත් විස්තර කළේ මේ අයුරිණි. “මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගය ලබා දීම, අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් වන අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මහත් ශක්තියක්. ඔවුන්ට ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට, ආදායමක් උපයා ගැනීමට වගේ ම අපගේ විශේෂිත අධ්‍යාපන පාඨමාලාවලට ප්‍රවේශ වීමේ හැකියාව අපි ලබා දෙනවා. ඒ වගේ ම අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙරට සිසු සිසුවියන්ට අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.” යනුවෙනි.
Future Minds ප්‍රදර්ශනය හරහා සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂා සහ වෘත්තීය මාර්ගෝපදේශනය ඒකාබද්ධ වන පරිසරයක් නිර්මාණය කරන නිසා ම, ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික අවස්ථා සඳහා යොමු වීම සඳහා සහාය මෙන් ම උපදේශනය ලබා දෙයි. මෙම ප්‍රදර්ශනය ජුනි 6 සිට 8 දක්වා කොළඹ BMICH හි දී මෙන් ම ජුනි 14 සහ 15 යන දිනවල මහනුවර KCC පරිශ්‍රයේ දී පැවැත්විණි.
අවසන් වශයෙන් අදහස් දක්වමින් පියසේන මහතා පැවසුවේ, “ ජීවිතයේ දියුණුව කරා ගමන් කිරීමට සණස ආචාර ධර්ම මනා පන්නරයක් ලබා දෙන බව පැවසිය යුතු ම යි. අධ්‍යාපනික අංශය සංවර්ධනය කරන අතරතුර, සණස ලයිෆ් රක්ෂණ සමාගම වෘත්තීය මාවත විවර කර ගැනීම සඳහාත් සුවිශේෂී දායකත්වයක් ලබා දීම විශේෂයි. Future Minds 2025 ප්‍රදර්ශනය සඳහා සහයෝගය ලබා දීම තුළින් මෙරට තාරුණ්‍යය බල ගැන්වීම වෙනුවෙන් වන අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අරමුණයි.” යනුවෙනි.