අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී

අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැප්ම අතර කිලෝමීටර් 66 දශම 6 ප්‍රදේශයේදී ඊයේ (1) සවස පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය හදිසියේ ගිනිගැනීමට ලක්වී ඇත.

ගින්න ඇති වූ වහාම එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ග කුරුඳුගහහැතැක්ම ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා නිවා දැමීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් මෝටර් රථය අඩකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවි ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයේ පිටුපස පෙදෙසේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක කරයි. අධිවේගී මාර්ග කුරුඳුගහහැතැප්ම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )