දින හතරෙන් ඉන්සියුලීන් ගැටලුව නිමයි – .ගුවනින් ගෙනෙයි

හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසිරිය මහතා සඳහන් කළේ , සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

එම ගැටලුව මේ වනවිට නිරාකරණය කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන්සියුලීන් මික්ස්ටාඩ් නැමති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගින් මෙරටට රැගෙන එන්නැයි උපදෙස් දුන් බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )