සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් පුහුණු වැඩසටහන් මාලාවක්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් පුහුණු වැඩසටහන් මාලාවක්

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම සේවක අභිවෘද්ධිය උදෙසා ආයතනයේ මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව එළිමහන් සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරමින් පවති. ආයතනයේ අලෙවි බලකාය සහ ආයතන කාර්යමණ්ඩල නිලධාරීන් අභිප්‍රේරණය කරමින් ආයතනයේ ඉදිරි සැලසුම් කරා ජයග්‍රාහීව ගමන් කරවීමට අවශ්‍ය කරන දැනුම ලබාදීම, ආකල්ප හා කුසලතා සංවර්ධනය සහ සන්නිවේදන හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත.

Cognito Asia Outbound Training in Sri Lanka අයතනයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා සියලුම ආයතනික නිලධාරීන් කණ්ඩායම් 6ක් යටතේ සහභාගී කරවීමට සැලසුම් කර ඇති අතර මේ වනවිට කණ්ඩායම් 3ක් ඒ සඳහා සහභාගි වී ඇත. ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ ඉහළ ආකර්ශනයක් දිනා ඇති හික්කඩුව නගරයේ පිහිටි තරු පන්තියේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක පැවැත්වෙන මෙම පුහුණු සැසිවාරය තුළින් ඒ සඳහා සහභාගිවන්නන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කිරීම, සන්නිවේදන හැකියාව වැඩි දියුණු කිරීම සහ ස්ථානෝචිත ප්‍රඥාව වැඩි දියුණු කිරීම වැනි ගුණාංග වර්ධනය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලන්ත පියසේන මහතා පැවසුවේ “දිනෙන් දින ජයග්‍රාගී මාවතක් කරා අඛණ්ඩව ගමන් කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය එහි සේවක අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටින ආයතනයක් බවයි. ඒ අනුව ආයතනයේ ඉදිරි දැක්ම සාර්ථකත්වය කරා ගෙනයාමට අවශ්‍ය සැලසුම් සඳහා එහි වෘත්තිකයන්ගේ දැනම, ආකල්ප හා කුසලතා තවදුරටත් මුවහත් කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන අතර ඒ තුළින් ආයතනය තුළ තිරසාර, ඵලදායී හා කාර්යක්ෂම සේවක පරිසරයක් ස්ථාපිත කිරීමට ද හැකියාව ලැබෙනු ඇති බව” ඔහුගේ විශ්වාසයයි.

දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ ආයතනය යන සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන ගණනාවකට පාත්‍ර වෙමින්, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දැවැන්ත රක්ෂණ සමාගමක් බවට පත්ව ඇත. ආයතනික සේවක උන්නතිය උදෙසා උපරිම සාධාරණත්වයක් කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය, සේවකයන්ගේ වෘත්තීය තත්ත්වය මෙන්ම අධ්‍යාපනික පසුබිම වර්ධනය කිරීම උදෙසා ද නිරන්තරයෙන් මඟ පාදමින් සිටියි. එමෙන්ම නව ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් වර්ධනය කරමින් මේ වනවිට ශාඛා 100 ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් සපයමින් සිටියි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )