ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර වෙයි

ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර වෙයි

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයිමේ විශේෂඥ සමාගමක් වන Brand Finance හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, අඛණ්ඩ 5 වැනි වසරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම සන්නාමය ලෙසින් ඩයලොග් එහිදී‍ කැපී පෙනුණේ, අඛණ්ඩව 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ‘වටිනාම දුරකතන සන්නාමය’ යන ගෞරව නාමය සමඟින්, කීර්තිමත් ත්‍රිත්ව AAA+ ශ්‍රේණිගත කිරීමද හිමිකර ගනිමිනි.

ඩයලොග්, ‘ජනතාවගේ වඩාත්ම ආදරයට පාත්‍ර වූ දුරකතන සන්නාමය’ යන ඇගයීම් නාමය 07 වැනි වරටත් හිමිකර ගැනීමෙන් පිළිබිඹු කෙරෙන්නේ, මෙරට මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයින් ඩයලොග් කෙරෙහි තබා ඇති අචල විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසාර ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන්, මෙරට ජන ජීවිතය හා ව්‍යවසාය සවිබල ගැන්වීමේ ඩයලොග් සතු නොසැලෙන කැපවීමයි. “අනාගතය. අදයි” යනුවෙන් වන සන්නාම ප්‍රතිඥාව සැබෑවටම සාක්ෂාත් කිරීමට කැපවන ඩයලොග්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය අතින් දියුණු රටක් බවට පරිවර්තනය කරන අතරම, ස්වකීය පාරිභෝගිකයින් හට පරිපූර්ණ, දැරිය හැකි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතිනවීන තාක්ෂණය හා සබඳතාවක් පිරිනැමීම සඳහා අධිෂ්ඨානශීලිව කටයුතු කරයි.

එහි මූලික පරමාර්ථය වන ‘හදවතෙන් සේවාව’ සැලසීම සඳහා වන ඒකායන කැපවීම සමඟින්, සමාගම සිය ප්‍රමුඛතම කාර්යයක් ලෙසින් සලකන්නේ, ‘DIA’ virtual assistance, My Dialog App මෙන්ම, voice assistance සේවාව පහසු කිරීම සඳහා Google Assistance සමග ඒකාබද්ධ කිරිම ඇතුළුව, එහි ඩිජිටල් සත්කාරක පාරිසරික ක්‍රමවේදය මගින් පිළිබිඹු කෙරෙන අසමසම අත්දැකීම් පාරිභෝගිකයින්ට තිලිණ කිරීමයි. එමෙන්ම, රට තුළ සහ ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා එහි නොසැලෙන කැපවීමේ පියවරක් ලෙසින්, සමාගම සිය හවුල්කරුවන්ගේද සහාය ඇතිව සකස් කළ National Fuel Pass පුරෝගාමී ඉන්ධන අවසර පත් විසඳුම ඔස්සේ උග්‍ර ඉන්ධන අර්බුදය සාර්ථක විසඳුමක් කරා ගෙන යාමටද කටයුතු කරනු ලැබිණි. මීට අමතරව, ඩයලොග්, ආයතනික හවුල්කරුවන් හා අත්වැල් බැඳ ගනිමින් ක්‍රියාවට නංවන බහු-ආයතනික මානුෂීය සන්ධානයක් වන ‘මනුදම් මෙහෙවර’ තුළින් රටපුරා අවශ්‍යතා සහිත පවුල් 120,000 කට අධික ප්‍රමාණයකට හදිසි අත්‍යවශ්‍ය ආධාරද පිරිනමනු ලැබිණි. Karuna.lk නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම, මහජන අරමුදල් රැස් කෙරෙන (හේතු සනාථ කළ) වෙබ් අඩවිය දියත් කිරීමද, තාක්‍ෂණය ඔස්සේ අර්ථවත් වෙනසක් රට තුළ ඇති කිරීමට ඩයලොග් සතුව නොනැසී පවතින කැපවීම තවදුරටත් විදහා දක්වයි.‍

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී. එල්. සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙලෙස පැවසුවේය. “මෙම ගෞරවය දිනා ගැනීමට සහය වෙමින් මෙරට මිලියන 17 කට අධික ජනතාව සහ ආයතන අප කෙරෙහි තැබූ නොසැලෙන පක්ෂපාතීත්වය හා අනුග්‍රහය සම්බන්ධයෙන් අපි කෘතඥතාව පළ කරනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ වටිනාම සහ ප්‍රබලතම සන්නාමය ලෙසින් අනාගතය අදයි යන්න සාක්ෂාත් කිරීම වෙනුවෙන් අපි අඛණ්ඩව තාක්‍ෂණික පරිවර්තනයේ බල මහිමය භාවිතා කරනවා.”

Brand Finance Lanka හි සභාපති රුචි ගුණවර්ධන මහතාද අදහස් දැක්විය. “අපගේ ඇගයීම් ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ රැඳී සිටීම පිළිබඳව ඩයලොග් වෙත අපේ සුභාශිංසන හිමිවෙනවා. එය අන් අය විසින් අනුගමනය කළ යුතු මිණුම් ලකුණක් වන සන්නාමයක්. අප විසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ගුණාත්මක බව මනිනු ලබන බොහෝ නිදර්ශක හරහා සන්නාම ශක්තිය ගොඩනැගීමට ඩයලොග් සතු හැකියාව, ස්වකීය සන්නාම වටිනාකමට උපරිමය ඉටුකිරීමට ඊට හැකියාව සලසනවා”

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 25 කට අධික සංඛ්‍යාවක කාර්යාල පවත්වාගෙන යන Brand Finance, ස්වාධීන සන්නාම ඇගයීම් සම්බන්ධ ලොව ප්‍රමුඛතම විශේෂඥ සමාගමකි. සන්නාමවල මූල්‍ය වටිනාකම ගණනය කිරීම තුළින් Brand Finance අලෙවිකරණය සහ මූල්‍ය අතර පරතරය පියවයි. Brand Finance වෙළෙඳ පොළ තරගකාරී සන්නාමයන්හි වටිනාකම් ගණනය කරන්නේ, ISO 10668 කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල සන්නාම ඇගයීමේ ක්‍රමවේදයක් වන Royalty Relief ප්‍රවේශය භාවිත කරමිනි. සන්නාම හිමිකරුවෙකු විසින් විවෘත වෙළෙඳ පොළේ බලපත්‍ර නිකුත් කිරීමෙන් අත්කර ගත හැකි ශුද්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලෙස වටහා ගත හැකි ‘සන්නාම වටිනාකමක් කරා ළඟාවීමට, භාවිතය සඳහා අය කරනු ලබන royalty rates ගණනය කිරීමෙන් සන්නාමයකට ආරෝපණය කළ හැකි අනාගත ආදායම ඇස්තමේන්තු කිරීම එයට ඇතුළත් වේ.

 

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )