CIPM – ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023

CIPM – ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023

මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය ප්‍රමුඛයා CIPM විසින් පවත්වන, “ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023”

මානව සම්පත් කලමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය ( Chartered Institute of Personnel Management Sri Lanka – CIPM Sri Lanka ) විසින් සංවිධානය කරනු ලබන “ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023” එළඹෙන ජුනි මස 21 හා 22 යන දෙදින තුළ ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල්හිදි අති උත්කර්ෂවත් අයුරින්
පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

“Navigating Dire Straits” හෙවත් “දරුණු දුෂ්කරතාවයන් මැද සැරිසැරීම” යන තේමාව යටතේ මෙවර මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානතම හා වැදගත්ම ඉසව්වක් ලෙස වාර්ෂිකව පවත්වමින් ආ මෙම සම්මන්ත්‍රණය පසුගිය වසර 3 ක් කාලයක් පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වෙතත් එම විරාමයෙන් අනතුරුව නැවත වරක් පෙර පරිදිම මෙරට මානව සම්පත් වෘත්තිකයන්ට, ක්ෂේත්‍රයේ සෙසු පාර්ශවකරුවන්ට හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්හට අසමසමවූ අවබෝධයක් දැනුමක් සහ අත්දැකිමක් ලබාදෙන අයුරින් “ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023” අති සාර්ථකව පැවැත්වීමට CIPM ආයතනය අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

ඒ බවර් සමාගමේ (A Baur & Co. (Pvt ) Ltd) කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක රෝල්ෆ් බ්ලාසර් (Rolf Blaser) මහතා මෙවර මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන දේශක ලෙස එක්වෙනු ඇති අතර මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රමුඛයින් රැසක් ද සම්පත් දායකයින් ලෙස මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට නියමිතය.

Pick Me සමාගම, Nippon Paint Lanka පුද්ගලික සමාගම, hSenid Business Solution සහ IDM කොළඹ ශාඛාව මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන අතර HNB PLC සහ Dole Lanka සමාගම මෙහි සම අනුග්‍රාහකත්වය දරයි.

මේ “ජාතික මානව සම්පත් කළමනාකරණ සම්මන්ත්‍රණය 2023” ප්‍රධාන සම්මානයකින්, තාක්ෂණික සැසිවාරයන්ගෙන්, මානව සම්පත් පිළිබඳ විවාදයකින් (Greate HR Debate), ජාතික මානව සම්පත් ප්‍රදර්ශනයකින් හා CIPM රන් සම්මාන ප්‍රදානෝත්සවයකින් සමන්විත වේ. සම්මන්ත්‍රණයේ තාක්ෂණික සැසිවාරයෙන් පහත සඳහන් මාතෘකාවන් මූලික කර ගනිමින් පැවැත්වෙනු ඇත.

1 දුෂ්කරතාවන්ට මුහුණ දීමට පිරිස් කළමනාකරණය ව්‍යාපාරිකයන්ට සහාය දෙන අයුරු

2 මහජනතාවගේ ක්‍රියාකාරකම් සඳහා ආර්ථික පසුබෑමේ බලපෑම

3 බුද්ධි ගලනය, සමාජ ආර්ථික සංවර්ධනයට සිදුකරන බලපෑම

4 කොවිඩ් වසංගතයෙන් මහජනතාව හා වෘත්තිකයින් උගත යුතු පාඩම්

5 තිරසාර පුද්ගල ක්‍රියාකාරකම් හා හරිත

6 සේවක ආධාර වැඩසටහන් (EAPs) – ආර්ථික අර්බුදයකදී අත්‍යාවශ්‍ය මෙවලමක් ද?

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )