
කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් වෙනුවෙන් සෙලාන් බැංකුවේ හම්බන්තොට ශාඛාව නව පරිශ්‍රයකට පිවිසෙයි
සෙලාන් බැංකුව සිය පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා ගැනීම අරමුණු කරගනිමින් සිය හම්බන්තොට ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම ඔක්තෝබර් මස 21වැනිදා සිදුකෙරිණි. ඒ අනුව නව ශාඛාව හම්බන්තොට, විල්මට් වීදියේ නො.53 යන ස්ථානයේදී පාරිභෝගිකයන්ට විවෘත විය.
ප්‍රධාන ආරාධිතයා ලෙස මේ අවස්ථාවට එක්වූ සහකාර සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
හම්බන්තොට ප්‍රදේශය මේ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක්. ඔවුන්ගේ ජනජීවිතය වඩාත් පහසු සහ කාර්යක්ෂම කරවන්න මේ විදියට නව ප්‍රවේශයකින් එළැඹෙන්නට හැකිවීම අපිට මහත් සතුටට කාරණයක් වගේම ආඩම්බරයට කාරණයක්. මෙය වඩාත් කාර්යක්ෂමව අපගේ බැංකු සේවය පාරිභෝගිකයාට ලබාදීම සඳහා උපායමාර්ගිකව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.
මෙම අවස්ථාවට ගණුදෙනුකරුවන් සහ සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රනාන්දු මහතා, ප්‍රාදේශීය කළමනාකාර (දකුණු) ලලන්ත ප්‍රනාන්දු මහතා, ශාඛා කළමනාකාර මාලක ධනපාල මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.