Wisconsin Parkside විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය දැන් AIC Campus වෙතින්

Wisconsin Parkside විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය දැන් AIC Campus වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් වන AIC Campus, ඇමරිකාවේ විස්කොන්සින් පාක්සයිඩ් විශ්ව විද්‍යාලයේ (UW-Parkside) මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (B.Sc Psychology) ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් වෙත පිරිනැමීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බව එම ආයතනය සතුටින් නිවේදනය කරයි. මෙම සුවිශේෂී උපධි පාථමාලාව හඳුන්වා දීමේ උත්සවය විස්කොන්සින් පාක්සයිඩ් විශ්ව විද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය එම්මානුවෙල් ඔටු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ AIC Campus හි ඉහළ කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි. මෙම පාඨමාලාව මගින් මෙරට සිසු සිසුවියන්ට විදෙස්ගත වීමකින් තොර ව ඇමරිකානු උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව උදා වන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

විස්කොන්සින්-පාර්ක්සයිඩ් විශ්ව විද්‍යාලයේ (UW-Parkside) මෙම මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ඇමරිකානු ප්‍රමිතියෙන් ම ක්‍රියාත්මක කිරීමට AIC Campus කටයුතු කරන අතර, එහි දී මෙරට සිසු සිසුවියන්ගේ කුසලතා සහ අවශ්‍යතා මත ඇමරිකානු ඩොලර් 45,000 දක්වා වටිනා ශිෂ්‍යත්ව ලබා දීමට ද AIC Campus ආයතනය කටයුතු කරයි. දැනට මනෝ විද්‍යාව මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දියත් කර ඇති ඇමරිකානු පාඨමාලා අතරින් ඉහළ ම ශ්‍රේණිගත කිරීමකට (High Ranked) ලක් ව ඇති පාඨමාලාව මෙය වීම සුවිශේෂී කරුණකි.

විස්කොන්සින්-පාර්ක්සයිඩ් විශ්ව විද්‍යාලය ප්‍රමිතිගත උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම වෙනුවෙන් කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර, එය ඇමරිකාවේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ (HLC) අනුමැතිය ලබා ඇති ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති විශ්වවිද්‍යාලකි.

මිනිස් හැසිරීම් සහ මානසික ක්‍රියාවලීන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයට සිසු සිසුවියන් යොමු කෙරෙන මෙම මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය මගින් මිනිස් මනස සහ හැසිරීම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන අතර, එය ලිඛිත, පර්යේෂණ සහ විශ්ලේෂණ පිළිබඳ කුසලතා ඔප්නංවමින්, පුළුල් පරාසයක් ආවරණය වන අයුරින් නිර්මාණය කර ඇත. එමෙන් ම මෙම උපාධි පාඨමලාව හැදෑරීම මගින් සායනික, උපදේශන, ළමා විය, නව යොවුන් විය, පවුල, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ස්නායු විද්‍යාව වැනි මනෝවිද්‍යා වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමු වීමේ හැකියාව උදා කර දෙන අතර, නීතිය, මානව සම්පත්, අලෙවිකරණය, ප්‍රචාරණය, ලාභ නොලබන ආයතන සහ පර්යේෂණ වැනි වෙනත් වෘත්තීය අවස්ථාවලට යොමු වීමේ අවස්ථාව ද හිමි වේ. තව ද, මෙම පාඨමාලාව මඟින් උපදේශනය, මනෝවිද්‍යාව, අධ්‍යාපනය, නීතිය, වෛද්‍ය විද්‍යාව සහ ව්‍යාපාර වැනි ක්ෂේත්‍ර ඔස්සේ පශ්චාත් උපාධිය හැදෑරීමට අවශ්‍ය පදනම ද නිර්මාණය කරයි.

මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීම සඳහා AIC Campus හි ලියාපදිංචි වීමෙන් ප්‍රතිලාභ රැසක් හිමි වන අතර, එම වැඩසටහනේ කාර්යක්‍ෂම ව්‍යුහය නිසා වසර තුනකින් උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාව ප්‍රධානතම ප්‍රතිලාභයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත මෙම උපාධි පාඨමාලාව සඳහා උසස් පෙළ සිසු සිසුවියන්ට ලියාපදිංචි විය හැකි අතර, පාඨමාලා ගස්තු ගෙවීම සඳහා ණය පහසුකම් සම්බන්ධීකරණය සහ වට්ටම් ලබා දීම ද සුවිශේෂී වරප්‍රසාද වේ. එමෙන් ම මෙම වැඩසටහනේ නම්‍යශීලී ස්වභාවය නිසා කොළඹ, මහනුවර, යාපනය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටා ඇති AIC Campus ශාඛාවලින් තමාට පහසු ශාඛාවක අධ්‍යන කටයුතු සිදු කිරීමේ පහසුව ද සිසු සිසුවියන්ට ලැබේ. විදෙස්ගත ව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය සිසු සිසුවියන්ට මෙරට දී මෙන් ම ඇමරිකාවේ දී අධ්‍යන කටයුතු සිදු කිරීමේ පහසුකම ද AIC Campus වෙතින් ලබා දෙයි.

ලොව කීර්තිමත් ඇමරිකානු විශ්වවිද්‍යාලයක් වන විස්කොන්සින්-පාර්ක්සයිඩ් විශ්ව විද්‍යාලය සමඟ එක් ව AIC Campus වෙතින් දැරිය හැකි මිලකට මෙරට සිසු සිසුවියන් වෙත ලබා දෙන උසස් ප්‍රමිතියෙන් යුත් මෙම සුවිශේෂී පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර සඳහා AIC Campus අමතන්න:
ක්ෂණික ඇමතුම් අංකය : +94 77 133 5511 | +94 77 978 3344 | +94 77 977 9933
වෙබ් අඩවිය : www.aicedu.lk
විද්‍යුත් තැපෑල : info@aicedu.lk

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )