E.B. Creasy Solar නවතම සූර්ය බලශක්ති විසඳුම් ප්‍රදර්ශනාගාරය වැල්ලවාය ප්‍රදේශයේ විවෘත කෙරේ

E.B. Creasy Solar නවතම සූර්ය බලශක්ති විසඳුම් ප්‍රදර්ශනාගාරය වැල්ලවාය ප්‍රදේශයේ විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බලශක්ති විසඳුම් සමාගමක් වන E.B. Creasy Solar නවතම ප්‍රදර්ශනාගාරය 2024 සැප්තැම්බර් 06 වන දින වැල්ලවාය ප්‍රදේශයේදී විවෘත විය. පාරිභෝගිකයන්ට මෙම ප්‍රදර්ශනාගාරයේදී සුනිත්‍ය සූර්ය බලශක්ති විසඳුම් ලෙස Tier 1 සූර්ය පැනල සහ නවතම තාක්ෂණයෙන් යුතු LONGI, AE Solar සහ Thornova, LORENTZ සූර්ය බලශක්ති වතුර පොම්ප සහ ලොව අංක එකේ ඉන්වර්ටර් සන්නාමයක් වන SUNGROW වැනි නිෂ්පාදන පරීක්ෂා කර බලා මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. මෙවැනි ඉහළම ප්‍රමිතියෙන් යුත් දිගු කල් පවතින සූර්ය බලශක්ති නිෂ්පාදන රාශියක් මේ වනවිට E.B. Creasy Solar මගින් මෙරටට හඳුන්වා දී ඇත.

මීට අමතරව E.B. Creasy Solar මගින් පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක්ද පිරිනමනු ලබන අතර, පාරිභෝගික තෘප්තිය සහතික කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම මෙහි ප්‍රධානතම අරමුණ වී තිබේ.

E.B. Creasy Solar යනු වසර 146කට අධික කාලයක් පුරාවට විශ්වාසනීයත්වය තහවුරු කළ E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන හා සේවා අංශයයි. Darley Butler සමූහයට අනුබද්ධ සමාගමක් වන එය වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් පරිසර හිතකාමී බලශක්ති විසඳුම් සඳහා සිදුකෙරෙන ආයෝජන දිරිගැන්වීමට කැප වී සිටී.

 

E.B. Creasy Solar පිළිබඳව

සිය මවු සමගම වන E.B. Creasy & Co., PLC සමාගමේ ශක්තිය තුළින් පන්නරය ලබන E.B. Creasy Solar, වසර 20 කට අධික කාලයක් පුරා මෙරට පවුල්, ව්‍යාපාර සහ ප්‍රජාවන් වෙනුවෙන් විශිෂ්ටතම සූර්ය බලශක්ති විසඳුම් පිරිනමා තිබේ. 1878 වසරේදී ආරම්භ වූ E.B. Creasy & Co., PLC සමාගම තම ව්‍යාපාර කටයුතුවලදී සෑම විටම විශ්වාසනීයත්වය සහ ආචාරධර්ම ආරක්ෂා කරන සමාගමකි.

ලොව පිළිගත් නවතම තාක්ෂණයන් සමගින් තිරසාර පුනර්ජනනීය බලශක්ති විසඳුම් පිරිනමන E.B. Creasy Solar සිය නිෂ්පාදන සඳහා වසර 25 ක් දක්වා වගකීම් කාලයක් ලබාදෙයි.

මේ නිසාම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරිසර හිතකාමී සමාගමක් ලෙස ඇගයීමට ලක්වීමට E.B. Creasy Solar සමත් වී තිබේ.

මෙරට ජනතාවට බලශක්ති විසඳුම් පිරිනැමීම සඳහා UNDP සහ World Vision Lanka වැනි ජාත්‍යන්තර තලයේ සංවිධානය සමග අත්වැල් බැඳගැනීමටද E.B. Creasy Solar පියවර ගෙන ඇත.

සෑම විටම කාබන් ශූන්‍යතාව, කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමීත්වය ඉලක්ක කරගනිමින්, තාක්ෂණයේ දියුණුව සමග ඉදිරියට යමින්, පාරිභෝගිකයන්ට හිරු මෙන් විශ්වාසනීය සේවාවක් පිරිනැමීම E.B. Creasy Solar පරමාර්ථයයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )