“අප යන මඟ” නිර්මාණ ප්‍රදර්ශනය හරහා නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට
කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ EUNIC සාමූහිකය සහ Good Life X ආයතනයේ සුසංයෝගයෙන් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ චක්‍රීය හා නිර්මාණ කර්මාන්ත සඳහා ඩිජිටල් අවකාශයක් ගොඩනංවා ඒ තුළින් දකුණු ආසියාව හා ඉන් ඔබ්බටත් ශ්‍රී ලාංකේය හැකියාවන් හඳුන්වාදීම මෙහි අරමුණයි.
මෙහිදී රට පුරා වෙසෙන නිර්මාණකරුවන් 10 දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර ප්‍රතිචාරාත්මක වැඩමුල සජීවී නිර්මාණ අංගයන් හා කොළඹ නගරය තුළ ඇති කලාගාර නිරීක්ෂණ චාරිකා ඇතුඵ විශේෂාංග රාශියක් පැවැත්වීමටද නියමිතයි.
මෙම ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් “The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතියේ කළමනාකාරිනී හා Good Life X හි එමා ද සිල්වා මෙසේ පැවසීය. “ “The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය හරහා රට පුරා වෙසෙන සොබාදහම හා තිරසාරභාවය මත පදනම්වුණු නිර්මාණශිල්පීන් හඳුනාගැනීමටත්, ඔවුන් සමඟ ඒකාබද්ධව වැඩකිරීමට ලැබීමත් ඉතා සුවිශේෂී අත්දැකීමක්. මෙම ඩිජිටල් සිතියම මඟින් රට පුරා නිර්මාණකරුවන්ට තම නිර්මාණ ලොවට විදහා දැක්වීමට අනගි අවස්ථාවක් උදාවනවා. ඒ වගේම මෙම ප්‍රදර්ශනය තුළ විශිෂ්ට ලෙස තිරසාරභාවය පදනම් කරගත් නිර්මාණශිල්පීන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර එමඟින් තවත් විශාල පිරිසක් මේ කෙරෙහි උද්යෝගීමත් කරගැනීමට අවස්ථාව සැලසෙන බව නොඅනුමානයි.”
“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් තිරසාරභාවය, චක්‍රීයකරණය, ප්‍රතිනිර්මාණය වැනි ශ්‍රී ලාංකේය අනාගතය හැඩගැන්වීමෙහි ලා අතිශය වැදගත් සංකල්ප මත පදනම්වන නිර්මාණකරුවන් හා ආයතන ඇගයීමට ලක්කෙරේ. මෙම ප්‍රදර්ශනය මඟින් එම පදනම් මත නිර්මාණකරණයේ යෙදෙන යාපනය, මඩකලපුව, මහනුවර, මොණරාගල, ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල නිර්මාණශිල්පීන් ඒකාත්මික කෙරෙන අතර එමඟින් ගොඩනැගෙන වියමන “The Routes we take” (අප යන මඟ) නමින් ජනගත කෙරේ.
මෙම ප්‍රදර්ශනය හරහා නිර්මාණ එළිදක්වන කළාකරුවන් :
- තර්මපාලන් නිලක්ෂන් – ස්වාධීන කතා වින්‍යාසයක් හරහා සමාජය හා අදාළවන වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකි. එමෙන්ම මානව අත්දැකීම් සහ ප්‍රධාන සමාජීය ප්‍රශ්න තම නිර්මාණ තුළින් ආමන්ත්‍රණය කිරීම මොහුගේ විශේෂත්වයකි.
- මෙෂ්ග්රවුන්ඩ් – ස්වාධීන චින්තකයින්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් හා ප්‍රජාවක් වන අතර නවෝත්පාදන භාවිතාවන් හරහා සාමාජීය ප්රකාශනයන් සිදුකරයි.
- අලාෆියා නජ්මුදීන් ALEAF – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තිරසාරභාවය මත පදනම්වුණු විලාසිතා සන්නාමයකි. මෙම සන්නාමය ස්වභාවික අමුද්ර්රව්ය භාවිතයෙන් හා සාම්ප්‍රදායික කලාකරුවන්ගේ දායකත්වය සමඟ නිර්මාණකරණයේ යෙදෙමින් එම කලාකරුවන්ටද වටිනාකමක් ලබාදෙයි.
- ශ්රීලන්ඩ් – ඔසු වස්ත්‍ර ඖෂධීය ඇඟ`ඵම් – ස්වභාවික ආයුර්වේදීය ඖෂධමය වර්ණක භාවිතයෙන් පරිසර හිතකාමී, විෂබීජ රහිත අත්යන්ත්‍ර කපුරෙදි නිපදවන සන්නාමයකි.
- අමුතු හතු – හතු වර්ග, විකල්ප රෙදිපිළි මාදිලියක්, ආහාර ප්‍රභවයක් හා ඖෂධයක් ලෙස භාවිතාකරන නිර්මාණ සන්නාමයකි. මෙමඟින් ජීව විද්‍යාව හා විලාසිතාකරණය එකට මුසුකරයි.
- කුවේණි ඩයස් මෙන්ඩිස් – ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ටේ්රලියාවේ වාසය කරන කලාකරුවෙක් වන අතර ප්රතිනිර්මාණ භාවිතාවන් හරහා සංස්කෘතිය හා අනන්‍යතාවයන් විදහා දැක්වීම සිදුකරයි.
- රුචිර වික්‍රමසිංහ – පවතින ගොඩනැඟිලි යළි භාවිතයට ගනිමින් තිරසාර නිර්මාණ භාවිතයන්ට යොමුවන ගෘහ නිර්මාණ ශිල්පියෙකි.
- ලාලා ස්ටුඩියෝ (LaLa Studio Pvt Ltd) – ඉවත දැමූ ද්‍රව්‍ය නැවත භාවිතයට ගනිමින් විලාසිතා එළිදක්වන සන්නාමයකි. LGBTQIA+ ප්‍රජාව සඳහාම සුවිශේෂයෙන් ක්‍රියාත්මක වන ආයතනයකි.
- කාගුල් (KAGUL) – ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රෙදිපිළි විවීමේ කර්මාන්තයට නැවත ජීවය ගෙනෙන වේදිකාවකි. මෙහිදී සාම්ප්‍රදායික වස්ත්‍ර සමඟ ඒවායේ සංස්කෘතිකමය හා සමාජභාවී වැදගත්කම් ඉස්මතු කරයි.
- සිරිධර්කුමාර් නිලූෂන් – යහපත් සමාජ බලපෑමක් සඳහා නවෝත්පාදන විසඳුම් පිළිබඳව හා ප්‍රජාවන් සම්බන්ධයෙන් නිර්මාණයේ යෙදෙන ස්වාධීන චිත්‍රපට හා වාර්තා වැඩසටහන් නිර්මාණවේදියෙකි.