සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයන් බව යලි තහවුරු කරයි

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයන් බව යලි තහවුරු කරයි

ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වෙනි වරටත් පවත්වනු ලැබු National Business Excellence Award 2023 පසුගිය දින කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක් ඇගයීමට ලක් වූ අතර එහිදී රක්ෂණ අංශය වෙනුවෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය Merit Award 2023 සම්මානයෙන් පිදුම් ලබන ලදි.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ලැබු මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂක ඉන්දික කිරිවන්දෙණිය මැතිතුමා පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය වඩාත් ශක්තිමත්ව සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරන බවයි. එමෙන්ම දිනෙන් දින නව්‍යතම රක්ෂණ සැලසුම් ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් අපගේ වටිනා පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ඇප කැප වී සිටින, මෙම ජයග්‍රහණය වෙනුවෙන් තම දායකත්වය නොඅඩුව ලබාදුන් සණස ලයිෆ්හි ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සියලුම සේවක මණ්ඩලයට හෘදයාංගම ස්තූතිය පිරිනමන බව” ඉන්දික කිරිවන්දෙණිය මැතිතුමා තවදුරටත් පවසා සිටියි.

දිවයිනේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ඇතුළුව විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මේ දිනවල තම ව්‍යාපාර කටයුතු දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පුළුල් කිරීමේ අරමුණින් තම රැකියා අවස්ථා ඔස්සේ දක්ෂ වෘත්තිකයින් රටට දායාද කරමින් සිටි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකර ගෙන යනු ලබන අතර මේ වනවිට ශාඛා 100 ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් සපයමින් සිටියි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )