“සණස ඉදිරියˮ වැඩසටහන ඉදිරියටම

“සණස ඉදිරියˮ වැඩසටහන ඉදිරියටම

“සණස ඉදිරියˮ සංකල්පය යටතේ තවත් එක් වැඩඩසටහනක් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්වන්දෙනිය මැතිතුමාගේ මූලිකත්වයෙන්, සණස සමූහයේ නිළධාරීන්ගේ සංවිධානත්වයෙන් කෑගල්ල, පරගම්මන පිහිටි සණස විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ශ්‍රවනාගාරයේදී 2024 ජූලී මස 9 වන දින සාර්ථකව පැවැත්විය. කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සමිති 147ක සභාපතිවරුන් සහ කළමනාකරුවන් 292 ක් මේ සදහා සහභාගී වූ අතර වැඩසටහන දිනය පුරා පැවැත්විණි.

මෙම වැඩසටහනේදී “සණස ඉදිරියˮ ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර මේ දක්වා ලංකාව පුරා සණස සමිති හරහා ක්‍රියාත්මක ව්‍යාපෘතීන්හි ප්‍රගතිය සහ සාමාජිකයින් මුහුණ දෙන ගැටලු පිලිබඳව සාකච්ඡා කරන්නට යෙදුණි. එමෙන්ම ඉදිරියේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩපිලිවෙල සංවාදයට ලක්විය. එහි පැමිණ සිටි නිළධාරීන් අදාළ තොරතුරු සමාජික, සමාජිකාවන් සමග බෙදා ගැනීමට පොරොන්දු වු අතර සණස සමාජික ව්‍යාපෘති ලාභීන්ගේ තොරතුරු ජූලි මස 3 වන දිනට පෙර ලබා දිමට එකඟතාවය පල කළේය. එලෙෂ තොරතුරු ලබා ගන්නා පිරිස් හට වැඩමු`එවක් පැවැත්වීමට සංවිදායක මණ්ඩලය කතිකා කර ගැනීමද මෙහිදී සිදුවිය.

මේ අවස්ථාව සදහා සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වූ කෑගල්ල රජයේ පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.කේ වින්ද්‍යා මෙලනි මහත්මිය සත්ව පාලනය සහ බිත්තර ව්‍යාපෘතිය කරගෙන යාම පිලිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළ අතර පරගම්මන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ඩබ්ලිව්.එම් විජේරත්න මහතා ඇම්බුන් කෙසෙල් වගාව පිලිබඳව නිළධාරීන් දැනුවත් කළේය.

මේ අවස්ථාවට සහභාගී වූ පී.ඒ කිරිවන්දෙනිය මහතා ප්‍රකාශ කළේ “පසුගිය සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටත් රට තුළ නිෂ්පාදන ආර්ථිකය ස්ථාපිත කිරීමටත් ‘සණස ඉදිරිය’ වැඩසටහන දස අවුරුදු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් බවයි.‘වැය අඩු කරමු.අය වැඩි කරමු’යන කාලෝචිත සංකල්පය සමාජයේ පහළ ස්ථරයේ සිට ඉහළ ස්ථරය දක්වා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථික ස්ථාවරත්වය සෑම පවුලකටම ළගාකර ගත හැකි බව එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )