ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට

ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (3) උදෑසන තංගල්ල ධීවර වරායට ළගාවිය.

ඩෙවෝන් පුතා 3 ධීවර යාත්‍රාව මගින් මෘතදේහයන් තැන්පත් කර තිබූ ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාව කඹයක ආධාරයෙන් ඇද ගෙන ආවේය.

තංගල්ල මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් මෘතදේහයන් යාත්‍රාවේ තිබෙන බව ත් ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහයන් තංගල්ල මූලික රෝහලට රැගෙන යන බවත් පොලිසිය පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )