“සණස ඉදිරියˮ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කරයි

“සණස ඉදිරියˮ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කරයි

සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ සංකල්පයක් වන ˮසණස ඉදිරියˮ වැඩසටහනට සමගාමීව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ වෘත්තීය කුසලතා සංවර්ධය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඵලදායීතාවය වැඩි කිරීම අරමුණු කරගෙන වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසන් වසර සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ජූනි මස 7වන දින ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණි. මේ සදහා සණස සමූහයේ නිර්මාතෘ වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන් ඇතුළුව සණස විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම වැවිලි කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජගත් එදිරිසිංහ සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන ආයතනයන් දෙකෙහි මහත්ම මහත්මීන් මෙන්ම සණස සමූහයේ අනෙකුත් සමාගම් නියෝජනය කරමින් විධායක නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

අධ්‍යාපනයේ වැදගත් කඩඉමක් පසුකර ඇති විද්‍යාර්ථයින් හට සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත් වී ජීවිතය සාර්ථක කරගැනීම උදෙසා මෙම වැඩසටහන පැවැත්වූ අතර සණස සමූහය සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය සමග එක්ව අනාගත තරුණ පරම්පරාවේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කළේය.

මෙහිදී පිරිස ඇමතු සණස සමූහයේ නායක ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මහතා ප්‍රකාශ කළේ “අප තවදුරටත් කුඩා රටක් බවට පත් නොවන බවත් අපට රටක් ලෙස තනිව ජීවිත්විය නොහැකි බවත්ය. තාක්ෂණයත් සමග ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වී ඇති මොහොතක තරුණ පරපුර විශේෂිත වගකීම් සහිත පිරිසක් බව අවධාරණය කරන ලදි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන ආයතන දෙක ඇතු`එ සමාගම් දාහතර විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිමා කරන විද්‍යාර්ථයින් හට වෘත්තීය දැනුම සහිත සීමාවාසික පුහුණුව මෙන්ම දීර්ඝ කාලීන රැකියා අවස්ථා රාශියක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවදˮ එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )