වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් රටපුරා දන්සැල් රැසක්

වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් රටපුරා දන්සැල් රැසක්

ලොව්තුරු අමාමෑණී බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල සිහි කිරීම වස් ලෝක වාසි බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උත්සවය, මෙවර මැයි මස 23 වෙනි දිනට යෙදී තිබුණි.

වෙසක් උත්සවයේ ජීවමාන සාධකයන් වූ දන්සල් හා තොරණ් යන සංකල්පය නැවත වතාවක් පසක් කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා මට්ටමින් වෙසක් සැරසිලි සහ දන්සල් රැසක් සංවිධානය කර තිබුණි. මැයි මස 22 වනදා සිට 27 වනදා දක්වා දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් දන්සල් රැසක් ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන එකම වර්ණයේ වෙසක් සැරසිලි වලින් දිවයිනේ සෑම ශාඛාවක්ව විචිත්‍රවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් මැයි මස 22 වන දින මඤ්ඤොක්කා දන්සලක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලය අභියස සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා නන්දෙසින් විශාල පිරිසක් සහභාගී විය.

2568 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරෙන මේ වසරේ සිය වගකීම මෙසේ සනිටුහන් කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමත් වී තිබේ. වෙසක් දිනයට පමණක් සීමා නොවුනු දාන, සීල, භාවනා ඇතුළු ප්‍රතිපත්ති පූජාවන් ගණාවකට වසර මුළුල්ලේ අඛණ්ඩව මුල් තැන දෙන සණස ලයිෆ් ආයතනය රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකරමින් සිටියි. Great Place to Work ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය, ශාඛා 100 ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් සපයමින් සිටියි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )