බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.

අග්‍රාමාත්‍යවයරයා මෙසේ පැවැසුවේ, අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ බලයේ සිටින පක්ෂයේ නායකයාය.

44 හැවිරිදි ඉන්දීය සම්භවයක් ද ඇති සුනාක් සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී සිටින බැවින්, විපක්ෂය වන කම්කරු පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් ජය හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

පසුගිය දා බ්‍රිතාන්‍යයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. එයින් ද ජයග්‍රහණය කළේ කම්කරු පක්ෂයයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )