SPL 2024 ක්‍රිකට් තරඟාවලිය මැයි 12

SPL 2024 ක්‍රිකට් තරඟාවලිය මැයි 12

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහළ විශ්වාසයක් දිනාගත් සණස ව්‍යාපාරයේ, සණස ජාතික තරුණ සම්මේලනය විසින් SPL 2024 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි. සණස ව්‍යාපාරයේ මුදුන් මූලයන් වන සණස සමිති හා සණස සමූහයේ ආයතන අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙය මැයි මස 12 වන ඉරුදින නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතව පවති.

දිවයින පුරා විසිරි පවතින සියලුම සණස සමිතිවල සාමාජිකයන් උදෙසා සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සණස සමිති නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 60කට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර මේ වනවිට සණස සමූහයේ ආයතන 14කින් ද කණ්ඩායම් ලියාපදිංචි වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සණස ජාතික තරුණ සම්මේලනය සභාපති ටීගසීග නිලංක ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ “ලංකාව පුරා සණස නියෝජනය කරන තාරුණ්‍යය එක් කරගනිමින් මෙම ක්‍රිකට් තරගාවලිය SPL නමින් වාර්ෂිකව පැවැත්වීමට අපි තීරණය කර තිබෙනවාගඑහි පළමු තරගාවලිය මැයි 12 වෙනිදා පැවැත්වෙනවාග සණස සමීති අතර සහෝදරත්වය වර්ධනය කරන්න ල සණස සමග තාරුණ්‍යය මුහුකරන්න මෙය හොද අවස්ථාවක් මෙන්ම මේ සමග තවත් බොහෝ වැඩසටහන් අප සංවිධානය කර තිබෙනවාග තාරුණ්‍යයට අපිත් සමග එකතු වෙන්න අපි ආරාධනා කරනවාග”.

සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සණස ජාතික තරුණ සම්මේලනය, සණසට හිතැති සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඇරයුම් කරනු ලබයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )