පාස්කු විවාදය දින තුනක්

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයක් බදාදා (24) සිට දින තුනක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි එහි නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අනුව එම විවාදය බදාදා (24) බ්‍රහස්පතින්දා (25) සහ සිකුරාදා (26) පැවැත්වෙනු ඇත. මෙම සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග 24 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය. පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදය ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )