කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.

කෞෂාලි කුසුමපාල මහත්මිය මෙම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද වේ.

පසුගිය පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොකා කෝලා සමාගම මෙම පත්වීම ලබාදී ඇත.

කුසුමපාල මහත්මිය නව අධ්‍යක්ෂකවරිය ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා සිටින විවිධ කණ්ඩායම් සමග සහයෝගීතාව ගොඩනගා ගනිමින් කටයුතු කිරීමට නියමිතය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )