රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන්

රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන්

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙලකින් පමණක් බවද ජනාධිපතිවරයා කීය.

තමා බාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් බාර ගැනීමට අකමැති වු රටක් බව කී ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දී තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහඳ කථා බහට එක් වෙමිනි.

“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදී රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත් රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )